බැඳුම්කර හිමියන් සමඟ අහිතකර එකඟතාවක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ කිසිදු අහිතකර එකඟතාවයක් ඇතිකර ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තෙවැනි වාරිකය අනුමත වීමන් පසු ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනේ අවසාන අදියරේ තිබෙන බවද සේමසිංහ මහතා කියා සිටියේය.

”මම කණගාටු වෙනවා මගේ මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා ඊයේ දිනයේ අනුමත වීමට නියමිතව තිබුණු විධායක මණ්ඩලයේ සාකච්ඡාවට පෙර ඇවිල්ලා කියනවා අනුමත වීම සිදුවෙයි, ඒක හොඳයි, ඒ අනුමත වීම සිදුවෙන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ ඇති කරගන්නා අහිතකර එකඟතා මත කියලා. අපි කිසිම අහිතකර එකඟතාවයකට ගමන් කරලත් නැහැ. කිසිම අහිතකර එකඟතාවයට එකඟවෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඩලබා දෙන්නෙත් නැහැ කියන එක. අපේ ණය හිමියන් අපට එහෙම බලපෑමක් කරලත් නැහැ” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...