මතක තියාගනිල්ලා, අපි සිල් ගත්ත නයි නෙවෙයි. හැමතැනකටම බලෙන් කඩාපැනලා හරි අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා – කඩුවෙල රන්ජන්

අවශ්‍ය වුවහොත් ඕනෑම තැනකට බලහත්කාරයෙන් කඩාපැන හෝ තමන් මේ ආණ්ඩුව ආරක්ෂා කරන බවත් ආණ්ඩුවට කෙණෙහිලිකම් කරන අය තමන්ට බියෙන් පසුවිය යුතු බවත් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසයි.

“අපි සටන් කළා ලංකා විදුලිබල මණ්ඩලය විකුණනවාට එරෙහිව. මට මතකයි පාර්ලිමේන්තුවට ඔය පනත ගේන වෙලාවේ විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නායකයින්ට අපි කිව්වා සාමාජිකත්වය කැටුව එන්න කියලා පාර්ලිමේන්තුව ඉස්සරහට. 96 යි ආවෙ. අපි සමහරු අරන් ගියේ බල්ලො නාවන්න අරන් යනවා වගේ. ආණ්ඩුවත් අරගෙන බැනර් එකක් විදුලිබල සමාගමේ වැටේ දානකොට ගළවනවා නම්, අපි තාම ඉන්නවා. විදුලිබල සමාගමේ නොහිටියත් මතක තියාගනිල්ලා අපි එළියෙ ඉන්නවා. අපි සිල් ගත්ත නයි නෙවෙයි. ඕනෑම තැනක ඕනෑම මොහොතක පරිවර්තනය වීමේ හැකියාව අපි සතුව තිබේ.

මේ රටට සහ ලබාගත් ජයග්‍රහණයට හානි කිරීමට පිරිසක් මාන බලමින් සිටිනවා. ඔවුන් එහෙම කරන්නේ අප නිදාගන්නා සුළු මොහොතේදී විය හැකියි. නමුත් අපි සැමවිටම සිටින්නේ ඇස් ඇරගෙනයි. ඔය කෙණෙහිලිකම් කරන, එහෙන් මෙහෙන් නන් දොඩවන අයට අපි කියනවා. අපි ඉන්නවා, අමතක කරන්න එපා. මේක පෙරළන්න දෙන්නෙ නෑ අපි. ඔය හැමෝටම කියනවා අපි ගැන පොඩි බයක් තියෙනවා නම් ඒ බය තියාගන්න. ඒ බය තියාගන්න, ඒක අපි අවධාරණය කරනවා. මූලික වගකීම කොතන තිබ්බත් අවශ්‍ය වෙලාවකදී ඒ හැම තැනකටම අනවසරයෙන් අපි කඩාපැනලා, ඒ වෙනුවෙන් කාගෙවත් අවසරයක් අපිට ඕනෙ නෑ, අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා”

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමිනි. ඔහු එම සංගමයේ හිටපු ලේකම්වරයා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිවරයාගේ ලෝක ළමා දින පණිවිඩය!

කොළඹ LNW:අදට (01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන්...

සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී...

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...