හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවේ අලුත් කතාව මෙන්න!

කොළඹ LNW:ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා එම ඖෂධ මෙරටට ගෙන්වා නැති බවත් තමන්ටම අයත් කර්මාන්ත ශාලාවක් තුළ දී එම ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් අනාවරණය වී තිබේ.

එම අදාළ ව්‍යාපාරිකයා මෙම ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කර ඇත්තේ පළතුරු බීම නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර බවටයි හෙළිදරව් වී ඇත්තේ.

ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයා විසින් ඉමියුනිග්ලෝබියුලීන් නමැති ප්‍රතිදේශ ඖෂධය මෙන්ම, පිළිකාව සදහා භාවිතා කරන රිටුක්සිමැබ් නමැති ඖෂධයද ඔහුගේ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කර ඇති බවත්, ඒවා කිසිසේත්ම අවශ්‍ය ප්‍රමිතියට නොතිබෙන බවත් වාර්තා වී තිබේ.

ඉමියුනිග්ලෝබියුලීන් නිෂ්පාදනය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වන හෙයින් වැනි සංකීර්ණ ඖෂධයක් නිෂ්පාදනය කිරීමට තරම් දියුණු කර්මාන්ත ශාලාවක් රට තුළ නැති බව මීට පෙර පාර්ශ්ව කිහිපයක් පවසා තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...