*
Monday, June 24, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

   (වොෂින්ටන් වෘකයා)

👺මෝදි තිගැස්සවූ AI සමීක්ෂකයන් ලංකාවට…. අලුත්ම සමීක්ෂණ ප්‍රතිළුල……?

👺ඉන්දියාව ගොඩදාපු නිසා මම දිනුවා. දැන් ඔබත්……?

👺රනිල් ගෙන් මෝදි ට ඉතිහාස ටියුෂන් පාරක්……..?

👺නරි සංධානෙට මන්ත්‍රීවරු 65 ඉක්මවයි……..?

👺කපටි නරියා තරුණයන්ට ස්මාට් වැඩකාර තෙලක් බෙදීම…?

👺නායකයො දෙන්න වාදෙ ගැන මාසයක් වාද කළා…..?

👺එක්කෙනෙක් ආවෙ නෑ අනිකා වළං බින්දා. විකල්ප වැඩ පිළිවෙලක් කිව්වෙ නෑ….?

👺බලයට ආවම කරනවලු. කරන විදිය එයාල දන්නෙත් නැ………?

👺සීයලා ගැන කියා දෙවන වරටත් නෑම…….?

👺මාළිමාවේ පොලීස් රෙදි පොලීසියෙන්ම ගලවා දැමීම…..?

👺වොෂින්ටන් හිරු මුදුන් වෙද්දී ඇමෙරිකන් මහින්දට ලැබුණු හදිසි ඇමතුම…..?

          ඉන්දියාවේ මෝදි ගේ තෙවන පිමිමේ දිවුරුමට ජනපති රනිල් ගියේ දැඩි ඉල්ලීම මතය.නව දිල්ලි යන අතරේ එයාර් ඉන්දියා යානයේ  සේවකයන් ජනපති හා ඡායාරූපයකට පෙනී සිටියේ ගුවනේදීය. රනිල් ට යම් විශේෂත්වයක් ලැබුණේ මෝදිටත් පෙර අගමැතිකම් කර ලැබූ එම ජේෂ්ටත්වයටය. මෝදි හැමවිටම රනිල් ලගින්ම වාඩිකර ගත්තේය.

        “මම රාෂ්ටපති භවන් ආවේ මුල්වරට” ෂීසෙල්ස් උප ජනපති කීවේ රනිල්ටය.

       “මම මුලින්ම ආවෙ 1984ඇමති කාලෙ. ගාමිණී දිසානායක ලලිත් ඇතුලත්මුදලි හමීඩුත් එදා ආවා” ජනපති කීය.

       “ඒ ජේෂ්ටත්වය විශිෂ්ටයි. ඔබෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා” උපජනපති කීය.

        “තුන්පාරක් අගමැති වූ ඔබේ මුල් සංචාරය ලංකාවට එන්න”  රනිල් කීවේ මෝදිට සුබ පතන ගමන්ය.

     “ඔබටත් ඡන්දය අතලග නේද” මෝදි කීවිට කපටි නරියා හිනාවක්  දැම්මා මිසක කිසිත් කීවේ නැත.

        “ඉන්දියානු රාජාභිෂේක වලට  එදා සිටම ලංකාවෙ රජවරු ගියා” රනිල් හීනියට මෝදි ට ඉතිහාස ටියුෂන් පාරක් දැම්මේය.

      “ලෝකෙ අංක 10 තිබුණු ඉන්දියාව 05ට ගෙනාපු නිසා ජනතාව මාව දිනෙව්වා. වැටුණු ලංකාව ගොඩගත්ත නිසා ඔබ ඡන්දෙන් දිනාවි. දිනලා පළමු සංචාරය ඉන්දියාවට එන්න” මෝදි රනිල් ට කීවේ රාත්‍රී භෝජනයේදීය.

       පසුදා බංගලිදේශ අතමැතිනිය හා ඉන්දීය විදේශ ඇමති ද ඔහු හමුවූහ.

        රනිල් ඉන්දියා ගියේ මාධ්‍ය නඩයක් ද රැගෙනය. බරපැන ඉන්දියාවෙනි. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් හා සමන් ඒකනායක එය දින 02 කින් සංවිධානය කළහ.

      ඉන්දියා සිට පැමිණි වහාම කැබිනට් ගිය ජනපති ඉන්දියා ගමන හා IMF තෙවැනි වාරිකය ගැන දැනුවත් කළේය.

         වෝටර්ස් ඒජ් හිදී තරුණ සමුළුවක ගිය කපටි නරියා ස්මාට් වැඩකාර තෙලක් බෙදුවේය.

      “ඉදිරි ඡන්දයෙන් තීන්දු වෙන්නේ මගේ නොව රටේ අනාගතයයි. වේදිකා දෙදරවන කාටවත් වැඩපිළිවෙලක් අත්දැකීම් නෑ. දිනවන්න ඔින පුද්ගලයො නෙවෙයි වැඩ පිළිවෙලයි. එහෙම නොවුණොත් ආපහු ඉන්දන ගෑස් පෝර ඖෂධ නැතිවෙලා පෝළිම් ඒවි රුපියල වැටේවි. මේ වැඩ පිළිවෙලට ගහන අය විකල්ප කියන්න ඔිනෑ.”  නරියා ඇදලා ඇරියේ ය.

       “නායකයො දෙන්නෙක් වාදෙ ගැන මාසයක් වාද කලා.එක්කෙනෙක් නෑ. අනිකා තනියම  වළං බින්දා.  අපි ආවම කරනවලු. කරන විදිය කියන්නෙ නැත්තෙ ඒක එයාල දන්නෙ නැති නිසා වෙන්න ඕන” ඔහු කීවේ තරුණයන්ගේ සිනා මැදය.

       ඇමෙරිකාවේ බදාදා උදය ලංකාවට තීරණාත්මක විය.  ඇමෙරිකන් මහින්ද අපේක්ෂාවෙන් සිටි ඇමතුමක් වොෂින්ටන් වෙලාවෙන් දවල් 12 ට  IMF වෙතින් ආවේය. මහින්ද වහාම ජනපති රනිල් ට ගත්තේය.

      “IMF තෙවෙනි වාරිකය ඩො මිලි 336 ක් ඒකමතිකව සම්මත වෙලා” මහින්ද කීවිට ජනපති ද සතුටට පත්විය.

       “IMF අධ්‍යක්ෂවරු කිව්වා ලංකාවේ බලධාරීන් ගත්ත නිසි පියවර නිසා ආර්ථික මූලධර්ම සුබවාදී පැත්තට හැරිල නිසා ඔවුනුත් සතුටට පත්වෙනවා කියලා” ඇමෙරිකන් මහින්ද වැඩිදුරටත් කීය.

      “ලෝකෙ බලවත්ම රටවල් IMF අධ්‍යක්ෂ මණ්ඩලේ ඉන්න නිසා ජාත්‍යන්තරව ලංකාවට ලැබුණු මේ සහතිකයෙන් අපේ ආර්ථිකය තවත් ඉහළට ගන්න විශාල හයියක් වෙනවා. වසර 02 කට කලින් හා දැන් ලෝකය ලංකාව ගැන බලන හැටි ලොකු වෙනසක් වෙලා” ජනපති කීවේය.

     ඡන්දය කට ලග තියාගෙන ජනපති කැබිනට් එකට රෑ කෑමක් දුන්නේ ජනපති මැදුරේ දීය.

      “අමාරුම කාලෙ මේ ගිණි නිවන්න වැල් පාළමේ මෙච්චර දුර යන්න දීපු සහායට ස්තුතියි” ඔහු කීවේය. තනියම ඉදිරිපත්වී බර කරට ගැනීම ගැන ඇමතිවරුද ජනපතිට ප්‍රසංශා කළහ. පසුදා රාජ්‍ය ඇමතිලාට ද එවැනාම පාටියක් ලැබිණ.

      “IMF සහාය ගන්න කියන හර්ෂ ල ආර්ථික පරිවර්ථන පනතට විරුද්ධ වෙන්නෙ කොහොමද” ඇමති ෂෙහාන් කීවේ එහිදීය.

        “මේ පනත් ආවාම එයාලට කතා කරන්න දේවල් නැති වෙනවා” මහාචාර්ය ආශු කීවේ සිනාමැදය.

         ජනපතිට කෝටි ගණනක පරිපූරකයක් ඉදිරිපත්වීම හා ජනමත විමසුම් නැතිව ව්‍යවස්ථාවේ 83 ඩී යටගේ 2 / 3 කින් ජනපති ධුර කාලය වසරකින් වැඩි කිරීම ගැන ද දැඩි සංවාදයක් පවතී.පාටි අස්සේ ඒ ගැන ද කසුකුසු තිබිණ.

     ” ඡන්ද කල්දානවට එජාපයත් විරුද්ධයි” ඒ ගැන විමසූවිට කපටි නරියා කීවේ එහෙමය.

      “ඔය  නරියට 2 / 3 හදන එකත් මහ වැඩක් නෙවෙයි” චන්න ජයසුමන කියා තිබිණ.

        ජනපතිට සහාය දෙන අම්බලන්තොට රැළිය  සාර්ථකය. ඊට මන්ත්‍රීවරු 20 ක් ආවේය.  05 ක් රටය. විපක්ෂයෙනුත් කඩාගෙන මන්ත්‍රීවරු 65 ක් හැදිය හැකි බවට ගණන් බලා තිබේ.දෙවැනි රැළිය මොණරාගලය.

         මෝදි ගේ අවසන් සති 03 සමීක්ෂණ කොට ඔහු තිගැස්සූ කෘතිම බුද්ධියෙන් (AI) සමීක්ෂන කරනා පිරිස දැන් ලංකාවේය. ලක්ෂ 93 ක සමාජ මාධ්‍ය නියැදි හරහා එය සිදු කෙරේ. දැනට නරියා ඉහළට ඇවිත්ය. මාළිමාව පහළට වැටිලා සජබ එකම තැනය.

       “මාළිමාවෙ අය පාඩම් ඉගෙන ගෙන නෑ. සීයලාට ගෙදර යතුරවත් දෙන්න එපා කියල මාළිමා ජෝකර් කෙනෙක් කිව්වම ඇමෙරිකාව ඉන්දියාව චීනය  මැලේසියාව වගේ දියුණුම රටවල් ගොඩදැම්මෙ සීයලා බවට ආපු වීඩියෝව වයිරල් වුණා. දැන්  නිළියෙක් දාල මාළිමා වේදිකාවෙ ඒකම කියෙව්වෙ ටිල්වින්ට ගහන්න වෙන්නැති” ආශු කීවේ සිනා මැදය.

     “මාළිමා වේදිකාවට නැගපු පොලිස් අය කල ජඩ බලුකම් , රාජකාරි පැහැර හැරපු හැටි, පොලිස් පවුල් ජවිපෙ මරපු හැටි ගැන පොලීසියෙම ඉහළ පිරිසක් එයාලගෙ රෙදි ගැලෙව්වා” ආශු කීවේ සිනා මැදය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan