දැරණියගලට හා දෙහිඕවිටට නායේ යෑමේ රතු නිවේදන!

Date:

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැරණියගල හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායේ යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ
අදියර තුන යටතේ එම අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත්වීමේ නිවේදනය එලෙස නිකුත් කර ඇති බවයි.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත,නිවිතිගල,කලවාන,ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනය නිකුත් කර ඇති අතර
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල,අයගම,කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර එක යටතේ විමසිලිමත් ලෙස සිටින ලෙස නිවේදනය නිකුත් කර ඇත.

තවදුරටත් වර්ෂාපතනය නිරීක්ෂණය කරමින් සිටින අතර මේ වන විට දැරණියගල ප්‍රදේශයෙන් කන්ඩි කඩා වැටීම් 15ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ.

සුළු වෙලාවක් තුළ අධික වර්ෂාපතනයක් ලෙබෙන හෙයින් නිවාස ආසන්නයේ ඇති කන්ඩි සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද සේනාධීර මහතා උපදෙස් දෙයි.

අද දිනයේ ලැබෙන වර්ෂාපතනය සමඟ නිකුත් කර තිබෙන නිවේදන වෙනස් කිරීම සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...