*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

කොළඹ එන්න අවශ්‍ය නෑ. දින තුනෙන් පාස්පෝට් නිවසටම එවන වැඩසටහන හෙට සිට

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කිරීම සඳහා දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් සූදානම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට (15) දිනයේ සිට අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූප දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී ලබා දීම සිදුකල හැකිය.

එසේ ලබාදීමෙන් අනතුරුව දින තුනකින් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තැපෑල හරහා නිවෙසටම එවීමට සැලසුම් කර ඇත.

මෙම ක්‍රමවේදයේ සමාරම්භක අවස්ථාව හෙට (15) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගීත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan