තවත් ගුවන් අනතුරක්!

Date:

facebook sharing button

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW :

අද (15) දින උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී නියමුවා ඇතුළු පුද්ගලයන් 07දෙනෙක් රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටී තිබේ.

උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුර සම්බන්ධව පවසා ඇත්තේ සිදුවීම ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20ය සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සිටි බවය.

මෙම හෙලිකොපටර් යානය ඩෙහ්රාඩුන් සිට ගුවන් ගත වී ඇති අතර අනතුරුව හිමාලයානු දේවාලය අසල ඉහළ උන්නතාංශ කලාපයක් වන ගෞරිකුන්ද් අසලදී ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා නැති වී ඇති බවට වාර්තා වේ.

අනතුරින් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ...

හොරණ වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල හොරණ අක්කර 12, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේදී...

මැලේසියාවට එරෙහිව ත්‍රීමලේ මෙහෙයුම ජය ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ICC සංකල්පයකට අනුව ක්‍රිකට් සංවර්ධනය...