මෙරට මානව සම්පත්වල ප්‍රයෝජනය මව් රටට ලබාගැනීමට ක්‍රියා කරනවා – අධ්‍යාපන ඇමති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කටුනායක පිහිටි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව සාර්ථක ව හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රදානය කිරීම  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලොවේදී සිදුවිය .

එම අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ  කළේ, දියුණු වී ඇති සෑම රටක් ම ඉදිරියට ගොස් ඇත්තේ නවෝත්පාදන සමග බවත් විවිධ ආක්‍රමණවලට පෙර පරිසරයත් සමග බද්ධව මුසු කරගත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂය මූලික ව ගොඩනැගුණු දියුණු ශිෂ්ටාචාරයක සිටි අප අනතුරු ව වෙනත් රටවල අවශ්‍යතා පිරිමසාලන පරිදි ගොඩනගා දුන් සමාජ ආර්ථික හා අධ්‍යාපන ගමන් මාර්ගයක තවමත් ගමන් කරමින් සිටින බවයි .

මෙරට නවෝත්පාදනවල නව පර්යේෂණවල ප්‍රතිඵල හිමි කරගන්නේ වෙනත් රටවල් බවත් , මානව සම්පත්වල ප්‍රයෝජනය මව් රටට ලබාගැනීමට මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් විතැන් ව වඩාත් ප්‍රායෝගිකත්වයට නැඹුරු වෘත්තීයාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් වෙත ගමන් කිරීමේ පරිවර්තනීය අධ්‍යාපනයක අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...