මෙරට මානව සම්පත්වල ප්‍රයෝජනය මව් රටට ලබාගැනීමට ක්‍රියා කරනවා – අධ්‍යාපන ඇමති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කටුනායක පිහිටි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව සාර්ථක ව හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රදානය කිරීම  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලොවේදී සිදුවිය .

එම අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ  කළේ, දියුණු වී ඇති සෑම රටක් ම ඉදිරියට ගොස් ඇත්තේ නවෝත්පාදන සමග බවත් විවිධ ආක්‍රමණවලට පෙර පරිසරයත් සමග බද්ධව මුසු කරගත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂය මූලික ව ගොඩනැගුණු දියුණු ශිෂ්ටාචාරයක සිටි අප අනතුරු ව වෙනත් රටවල අවශ්‍යතා පිරිමසාලන පරිදි ගොඩනගා දුන් සමාජ ආර්ථික හා අධ්‍යාපන ගමන් මාර්ගයක තවමත් ගමන් කරමින් සිටින බවයි .

මෙරට නවෝත්පාදනවල නව පර්යේෂණවල ප්‍රතිඵල හිමි කරගන්නේ වෙනත් රටවල් බවත් , මානව සම්පත්වල ප්‍රයෝජනය මව් රටට ලබාගැනීමට මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් විතැන් ව වඩාත් ප්‍රායෝගිකත්වයට නැඹුරු වෘත්තීයාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් වෙත ගමන් කිරීමේ පරිවර්තනීය අධ්‍යාපනයක අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...