*
Monday, June 24, 2024
spot_img

Latest Posts

හෙල්ලෙන් ලැබුණු එල්ලය හරහා මඟහැරුණු එල්ල ගැන ද කතා කරමු

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 16, කොළඹ (LNW): ලංකාවේ හෙල්ල වීසි කිරීමේ ඉසව්ව දකුණු ආසියාවේ විශාල අවධානයක් දිනා ගත් ඉසව්වකි.පිරිමි අංශයෙන් ප්‍රදීප් නිශාන්ත,කිංස්ලි ගුණතිලක,සචිත් මධුරංග වැනි ක්‍රීඩකයින් අතරේ සුමේධ රණසිංහ ඔලිම්පික් නියෝජනයට ද සුදුසුකම් ලබා ගත්තේය.ඊට අමතරව අවධානය දිනූ ක්‍රීඩකයින් අතර ඩබ්ලිව්.එම්.සුගත්,පී.කේ.අලුවිහාරේ,විපුල චන්ද්‍රසිරි වැන්නෝද සිටිති.මෑතක්වන තුරුම කතා බහට ලක් වූ වරුණ ලක්ෂාන දයාරත්න ද කාලයක් ජාතික මට්ටමෙන් සහ ජාත්‍යන්තර මට්ටමෙන් අවධානයට ලක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විජිතා විජේසේකර,ප්‍රියංකා නිශානි,ඈන් මහේෂි,නදීකා ලක්මාලි ක්‍රීඩිකාවන්ගෙන් පසුව වගකීම අතට ගත්තේ නදීශා දිල්හානි ලේකම්ගේ ය.මේ ඉතිහාස කතාවේ නම් නොකිය වුණ අය සිටින්නට ඉඩ ඇත.ඒ ගැන කමා කළ යුතුය.මේ නම් කිහිපයක් උදාහරණයට ගෙන පෙළ ගස්වන්නේ හේතු ගණනාවකටය.මෙහිදී පැරා ක්‍රීඩකයින් ලෙස දිනේෂ් ප්‍රියන්ත,සමිත දුලාන් වැන්නෝ ද අමතක කළ නොහැක්කෝය.


මේ ඉසව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු හැකියාවට සමහර විට ක්‍රිකට් හැකියාවේ නෑ කමක් ද තිබෙන්නට ඉඩ ඇත.සමීපතම උදාහරණය චාමික කරුණාරත්නය.ක්‍රිකට් ආයතනයේ ශම්මි ද සිල්වා ද එවැනි ජාතික හෙල්ල වීසි කිරීමේ සූරයෙක්ය.ශම්මි කොළඹින් ජාතික මට්ටමට පෙර දිනන අවධියේ දෙවැන්නා සහ තෙවැන්නා වී ඇත්තේ ද ආනන්දයේ ක්‍රිකට් නායකයෙකුව සිටි රෝහිත පෙරේරා සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් වන විනෝදන් ජෝන් ය.


මේ සියලු කතා ඇතුළත මේ ඉසව්වට හැකියාවක් ඇති පිරිස් මේ පොළවේ විසිරී සිටින බව අප වටහා ගත යුතුය.එය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ද හඳුනාගෙන දිවයින පුරා හෙල්ල වීසි කිරීමේ දක්ෂයන් තෝරා ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරන්නට ව්‍යාපෘතියකට ආධාර දෙන්නට තීරණය විය.මේ කාරණය සාක්ෂාත් කර ගැනීම සඳහා වත්මන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් ලේකම් සමන් කුමාර ගුණවර්ධන සෑහෙන වෙහෙසක් දරමින්,දත්ත එකතු කරමින් ක්‍රියාත්මක විය.මේ ව්‍යාපෘතියට එකඟතාවය එන විට සභාපතිව සිටියේ සුගත් තිලකරත්නය.


එහෙත් සුගත් සභාපතිත්වය කළකිරීමෙන් හැර යාමෙන් ඉනික්බිතිව බලයට පැමිණි වත්මන් පරිපාලනය යටතේ එයට සිඳු වූ දේ කුමක් ද යන්නවත් දන්නේ නැත.එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටීමෙන් ඈත් විණි ද යන්නවත් දන්නේ නැත.මේවා ඉතිං ක්‍රීඩා පරිපාලනවලට අත නොගසමි කියා අත් බැඳ දේවල් වෙන්නට දී බලා සිටින ක්‍රීඩා ඇමතිවරයෙක් වැඩක් නැත.අඩුම තරමේ සමාජයට සහ පුද්ගලයන්ට නිහඬ සිල් රැකුම අස්සේ “අපිට මොකද අපි අටසිල් උපාසක – ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට” ආකාරයෙන් හෝ මෙවැනි දේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමක් සිඳුවන්නේ නැත.


පෞද්ගලිකව පුද්ගල විවේචන එල්ල කරමින් බලය තව කෙනෙකු අතට පත් කර ගැනීමේ ව්‍යාපෘති මිස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රටට නොසළකා හැරීම් නිසා අහිමි වූ දේ දිනා ගන්නට සිඳු කරන සටනක් නැත.ඒ නිසා නායකත්වයට බලපෑම් කර අතපසුවිම් නිවැරදි කර ගැනීමේ කාරණය වෙනුවට අනුගාමිකයෙකු හෝ එහෙයියෙකු වී වැඩ කිරීම සහ අසාධාරණය ඉවසීම සහ දරා සිටීම සාමාන්‍ය ලක්ෂණය කර ගන්නේය.
හෙල්ල වීසි කිරීමේ තත්ත්වය ද එබඳුය.ජාත්‍යන්තර මලල ක්‍රිඩා සම්මේලනය මෙරටට එම ක්‍රීඩාව දියුණු කිරිම සඳහා සහය පළ කරන්නට එකඟ වන්නේ එම ඉසව්ව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දත්ත සුපරික්ෂාවෙන්ය.

එය සකස් කිරිමට දැඬිව වෙහෙසුණු පුද්ගලයා අප දන්නා පරිදි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධනය.ඇත්තටම එම ව්‍යාපෘතියට සිඳු වුණේ කුමක් ද?එය නැවතුණේ ඇයි?එය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වූවේනම් ඒ කෙසේද යන්න බලධාරින්ට එතුමාගෙන්ම අසා දැන ගන්නට හැකිය.
මේ කාරණය අසා දැන ගැනීමේ අවශ්‍යයතාවය පෙරට පැමිණ ඇත්තේ නැවත වරක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හෙල්ල විසී කිරීමෙන් පෙරට පැමිණ තිබෙන මොහොතකය.හෙල්ලේ දක්ෂයන් හදන පොළවක් ලෙස ශ්‍රී ලංකාවට ඇති අනන්‍යතාවය යළිත් ඔප්පු වී තිබෙන අවස්ථාවකය.ආසියානු වීසි කිරීමේ සූරතාවලියේ දී යළිත් ආසියාවේ අවධානය ශ්‍රී ලංකාව දෙසට හැරී ඇත.එහි වැදගත්ම දායකත්වය තවමත් අවුරුදු 21 ක තරුණයෙක් වන රුමේෂ් තරංගගෙන්ය.මීටර් 85.45 ක දුරක් ඔහු හෙල්ල වීසි කර ඇත.එය ශ්‍රී ලංකා වාර්තාවක්ය.දකුණු කොරියාවේ වාර්ශිකව පවත්වන එම තරගාවලිය සමබන්ධ වාර්තාවක්ය.එහි තෙවන තැන නැවතත් ශ්‍රී ලංකාවටය.හිමිකරු වූයේ රුමේෂ් තරංග බිඳ දැමූ ශ්‍රී ලංකාව වාර්තාවේ හිමිකාරීත්වය දැරූ සුමේධ රණසිංහය.එය අපූරු පෑහිමකි.


මේ විස්කම වන්නට පෙර හෝරාවේ දී සිඳු වූයේ එම තරගාවලියේ කාන්තා අංශයෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකා හෙල්ල වීසි කිරීමේ සූරිය මෙන්ම ආසියාතික ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභිණිය නදීශා දිල්හානි ලේකම්ගේ කාන්තා තරගයේ තෙවන තැන දිනීමය.එහි හත්වන තැන ද ශ්‍රී ලංකාවේ ඩයනා හර්ෂණී මධුවන්තිට හිමි වූවාය.ඒ නිසා එම කාලය තුළ ජයග්‍රාහී පූවරුව මත පිරිමි සහ කාන්තා තරග අංශ දෙකෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් සිටගෙන සිටිනු දකින්නට හැකි විය.


මේ දස්කම් ගැන පාදක කරගෙන ශ්‍රී ලංකාවට ලැබුණු හෙල්ල වීසි කිරීමේ ඉසව්ව දියුණු කරන්නට මඟ සකසන ව්‍යෘපෘතිය නැවතුණේ කෙසේද යන්න විමසා බැලිය යුතු නැද්ද?එසේම මලල ක්‍රිඩා පුහුණු අධ්‍යක්ෂවරයා ලෙස අමාත්‍යංශයත්,මලල ක්‍රිඩා සංගමයත් අතර ආරවුල් නිවන්නා සේ කටයුතු කරමින් දෙපැත්තෙන්ම හොද හිත දිනා ගන්නවාට වඩා දෙයක් රණසිංහයන් ට නැද්ද?ඔහු මීට පෙර රුමේෂ් තරංග ව ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි කරා යොමු කර තිබුණේ නම් සහ ඒ වෙනුවෙන් දෙපැත්තටම පෙන්වන හොඳ හිත පාමින් කටයුතු කර තිබුණේනම් රුමේෂ් තරංග සිටින්නේ බොහෝ විට මෙවර පැරිස් යන ලේඛණයේ නොවේද? තවත් සෙන්ටි මීටර් 5 ක දුරක් ගියේනම් ඔහු සෘජුව ඔලිම්පික් සුදුසුකම ලබනු නිසැකය.
දැන් තවත් අවස්ථා දෙකක් ආසන්න කාලයේ ඇත.ඒ සෙන්ටි මීටර් 5 පරතරය පියවා මීටර් 85.50 ක දුර වාර්තා කර සෘජු ඔලිම්පික් සුදුසුකම ලබා ගන්නටය.එසේ නොමැතිව ඔහුට ලකුණු සටහනේ පෙරට ගොස් මේ තත්ත්වය ඇති කර ගන්න ක්‍රමයක් වේද?ආසියානු වීසි කිරීමේ තරග ජය නිසා ඔහුට එම උළෙල සී ශ්‍රේණියේ තරගයක් නිසා හිමිවන අමතර ලකුණු 60 ක් ද හිමි වෙනු ඇත.එහෙත් එවැනි අතිරේක ලකුණු දිනා ගත හැකි ඉසව් ප්‍රමාණාත්මකව ලබා ගත හැකි අවස්ථා ඔහුට ලැබී තිබුණේනම්…


මෙවැනි අතපසුවීම්,වගකීම් මඟ හැරීම් මත ක්‍රීඩකයෙකුට මෙන්ම රටට ද අසාධාරණකම් සිඳුවන්නේ නම් ඊට වගකිව යුතු පුද්ගලයන්ට සිය හෘද සාක්ෂිය සමඟ හොඳ නින්දක් හෝ ලැබෙන්නේ ද? එහෙත් මෙවැනි අසාධාරණකම් දැක විඳවන පිරිසට වඩා ඔවුන් මහත් සතුටින් තමන්ට සිඳු වූ අතපසුවීම් ගැන තලු මරා හිනැහෙයි.තමන් හරියට බැලුවනම් ඔවුන් ඔලිම්පික් පවා යනු ඇතැයි කියා තමන් අවධානය යොමු නොකිරීම ගැන සතුටු වන්නේ තමන්ට ඇති බලයේ තරම ගැන කියමින්ය.


මේ සියල්ල සමහර විට දිනෙක ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පිට පටවා ඔහුගේ කැමත්ත මත සිඳු වූ බව කියා සිය හෘද සාක්ෂිය සනසා ගන්නට කෙනෙකු සිතා සිටිනවා විය හැකිය.එහෙත් වරදට විරුද්ධ නොවීම තරම් පාපයක්,වරදක් තවත නැත.ක්‍රිඩාවට රටට මෙන්ම ජෙනරාල් පාලිතට ද වරදක් කළ නිහඬතාවයක් ලෙස දවසක මේ අතපසුකිරීම් ඔවුන්ට දැනෙනු ඇත.වැඩ නොකිරිම,අතපසු කිරිම මෙන්ම රුචි අරුචිකම් මත අවස්ථා හිමිවීම සම්බන්ධයෙන් වන චෝදනා ඇරෙන්නට ලංකාවේ බොහෝ ක්‍රීඩා පරිපාලකයන්ට එල්ල වන මූල්‍යමය චෝදනාවලින් පිරිසිඳුව සිටීමට (දන්නා පරිදි) මලල ක්‍රීඩා සභාපතිවරයා සමත්ව සිටීම කැපී පෙණෙන දෙයකි.එවැන්නෙක් නිවැරදිව මෙහෙයවන්නට නොහැකි පිරිසක් වට වීම ක්‍රීඩාවේ අභාග්‍යයකි.


මේ කරුණු සමාජය දැන සිටිය යුතුය.තමන්ගේ ගමේ මලල ක්‍රීඩා නියෝජිතයාට හෝ හොඳ කෙළින් කොන්දක් සවි කර එවන්නට එවිට කාලයත් සමඟ ගම හෝ සංවිධානය වනු ඇත.එසේ නොමැතිව මේ කරුණු ගැන විමසීමට නිලධාරීන් සහ දේශපාලකයින් නියෝජනය කරන පංතිය මැදිහත්වනු ඇතැයි සිතිය නොහැකිය.ඒ මැදිහත්වීම් මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට ගමන් කරන ඒවා වීම ගැන සිතන්නටවත් නොහැකිය.උදාහරණයකට අප මාධ්‍ය්‍යක් වශයෙන් විශාල වශයෙන් මැදිහත්වීමක් කරන ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට පවුම් 50000 ක දඩයක් ජාත්‍යන්තරයෙන් වැදුණු මොහොතේ ඊට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් තවමත් පියවරක් ගෙන නැත.වසර ගණනාවක් තිස්සේ මේ මුදල අයවන්නේ ඒ වරදට සම්මාදම් වෙමින් තීරණය ගත් නිලධාරින්ගෙන් නොවේය.ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධණයට එන මුදලින්ය.වරද කරපු නිලධාරීන්ම එම තීරණයද ගෙන අනුමත කරගෙන ඇත.


ඒ වරදට දඬුවම ලෙස ක්‍රීඩා අමාත්‍යවරුන් කළ දේ ඇත.ඒ එම වරද සිඳු කළ සංගමයේ සභාපති පසුව පත් වූ රගර් පරිපාලනයකට උපදෙස් දෙන්නට සභාපති කර කමිටුවක් පත් කිරීමය.එහි ලේකම් දැන් අමාත්‍යවරයා යටතේ විසුරුවාලන ලද රගර් ක්‍රීඩාව වෙනුවෙන් පහසුකම් සපයන්නා ලෙස පත් වී ඇත.ලංකාව එවන් රටකි.බලයට පුද්ගලයින් ගෙන එන්නට නොව මෙවැනි තත්ත්වයක නීතිය හමුවට පුරවැසියන් ලෙස යාමට සංවිධාන ගත වූ සමාජ කඳවුරක් මේ රටේ ඇති විය යුතුය.ක්‍රීඩාවක් නිවැරදි දිශානතියට යොමු කිරීමට නීතිගරුක සහ සාධාරන සමාජයක් සහ වැරදි කරන පුද්ගලයින්ට දඬුවමක් ඇති කරන ක්‍රමයක් සකස් විය යුතුය.


හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩාව ගැන ද ඇත්තේ එවැනි සමාජමය හිස් තැනකි.මේ අතපසු කිරීම් ගැන සාකච්ඡාවක්වත් ඇති නොවනු ඇත.සුහද හමුවකදී තේ එකක් බී ඔවුනොවුන් මේ වැඩේ ගැන අසවලුන් කතා කර තිබුණා කියා කොක් හඬලා සිනා සී මතක් කරනු ඇත.දේවල් නිවැරදි කරන්න හදන අප ගැන “පව්” කියා කියනු ඇත.එසේත් නැතිනම් ‘පිස්සු’ කියා ද කියන්නට ඉඩ ඇත.මේ දක්වා ක්‍රමය ගමන් කළ ආකාරයට අපිට විශ්වාස කරන්නට ඉතිරිව ඇත්තේ එබඳු තත්ත්වයක්ය.මේ තත්ත්වය වෙනස් කරන්නට සමාජයට දැනෙන පෙළඹවීමක් කරමින් ඊට මැදිහත් වීමට පුරවැසියා තුළ උනන්දුවක් ඇති කිරිම සහ ඒ සඳහා පෙළඹවීම අපේ අපේක්ෂාවය.මන්ද මේ සියල්ල රටේ පුරවැසියන්ගේ අයිතීන් නොසළකා හැරීමකි.උදාහරණයකට රුමේෂ් තරංගට ඔලිම්පික් යන්නට නොහැකිවීම නිසි අවස්ථාවන් ප්‍රමාණයක් නොලැබීම නිසා වන්නක්නම් එය පුරවැසියාට ක්‍රීඩාවෙන් ලබන්නට තිබුණු ආස්වාදයක් නොතකා හැරිම නිසා අහිමි කිරීමක්ය.


ශ්‍රී ලංකා පුරවැසියාට සතුටු වන්නට ඇත්තේ සුළු අවස්ථාවන් ප්‍රමාණයක්ය.මේ අහිමි කිරීම් අවමානයට ලක් කිරිම් සිදු කරන්නේ ඒ අයිතීන් උල්ලංඝණය කරමින්ය.ජනතාවගේ බඳු මුදලින් වරප්‍රසාද ලබන නිලධාරීන්ට මෙන්ම දේශපාලකයන්ට ද ඒවා උල්ලංඝණය කරන්නට හැකිද? මේවා වෙනස්වීම ආරම්භ කළ යුතු නම් වරදකරුවන් තරාතිරම නොබලා දඩුවමට යටත් කළ යුතුය.ඔවුන් යම් යම් තැන්වල ක්‍රිඩාවේ ඉහළ නිලධාරීන්ගෙන් වරප්‍රසාද පිළිගැනීම් වගකීම් ලැබෙන පුද්ගලයින් වීම ක්‍රීඩාවේ වැරදි රැදී පැවතීමට ප්‍රධානම ආධාරකය වන්නේය.


හෙල්ලය නිසි එල්ලයට ගැනීමටත්,එසේ ගැනීමට තිබුණු අවස්ථාවන් අහිමි කර ගැනීමටත් වගකීම දැන්වත් කතා කළ යුතුය.ඒ මඟ හැරුනු ඉඩ නැවත ස්ථාපිත කර ගැනීම සඳහා සාකච්ඡාවක් ඇති විය යුතුය.මේ දකුනු කොරියාවේදී රුමේෂ් තරංගලා ඇති කළ උණුසුම ඊට හොඳම අවස්ථාව වන අතර ඊයේ අප නම් කළ අනාගත ක්‍රිඩා බලාපොරොත්තු අතරට 21 හැවිරිදි රුමේෂ් තරංගත් ඇතුළත් විය යුතුය.වඩාත් පලදායි කිහිප දෙනෙක්ට විශේෂයෙන් වියදම් කිරීම විනා පොකුරු පොකුරු පෙනෙන්නට සංචිත ගත කර සියල්ල සමාන තත්ත්වයෙන් පෙරට ගෙන යාම පලදායක නොවනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan