*
Sunday, June 23, 2024
spot_img

Latest Posts

(VIDEO):කයියනායක අනුර නෙවෙයි ඔයා.දැන්වත් සක්වල පිස්සුව හොඳකරගන්න – සජිත්ට සජබෙ ඇතුළෙන්ම කොක්කක්

කොළඹ LNW: දිනෙන් දින ජනාධිපතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. දේශපාලන පිට්ටනිය තුළ වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නේ මේ ජනාධිපතිවරණ ප්‍රචාරණය පැත්තට කියල හොඳින්ම පේන්නත් තියෙනවා. මෙතැනදී NPP නැත්නම් ජාතික ජන බාල්වේගය තමයි ප්‍රචාරණය පැත්තෙන් රජ ගමනේ ඉන්නේ කියලත් පේනවා. ඔවුන් කොහොමත් කලකට කලින්මයි මේ වැඩේට අතගැහුවේ.

මේ වෙද්දී ආණ්ඩුවේ රනිල් පාර්ශවයත් මේ ප්‍රචාරණ වැඩේට බැහැල ඉන්නවා කියල තමයි ආරංචි මාර්ග පැවසුවේ. රනිල් ජනාධිපතිවරණයට ඉල්ලයිද නැද්ද කියල පොඩි සැකයකුත් පහුගිය කාලේ සමාජයට තිබුණා. රනිල් කොහොමද තනියෙන් ඇවිල්ලා දිනන්නේ කියල. හැබැයි මේ වෙද්දී ග්‍රවුන්ඩ් එකේ තත්ත්වය වෙනස් වෙලා කියල තමයි කියන්නේ. විශේෂයෙන් IMF ණයට අදාළව තුන්වෙනි වාරිකයත් ලැබෙනවා කියන විශ්වාසය ඇති වුනාට පස්සේ රනිල්ගේ කණ්ඩායම භූමිතෙල් වැදුණු ගැරඬි ගානට පිකප් වෙලා කියලයි ආරංචිය. තියෙන තත්ත්වයන් කළමනාකරණය කරද්දී ග්‍රවුන්ඩ් එක රනිල්ට ක්ලියර් කරගන්න පුළුවන් කියලයි ඔහුගේ කණ්ඩායමේ ඇතැමුන් කියන්නේ.

මෙතැනදී ලොකුම බලපෑම කරලා තියෙන්නේ සමඟිය කියලත් කියනවා. මේ වෙද්දී සමඟිය ඇතුලේ තියෙන මත ගැටුම් ජනාධිපති රනිල්ට ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරගන්න පහසුකම් සලසලා දීලා තියෙනවා කියලයි කියන්නේ. සමඟියේ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මේ වෙද්දී තමන්ගේ සම්පූර්ණ කාලයම වගේ යොදවල තියෙන්නේ සක්වල වැඩසටහනට. වැඩේ වැරද්දක් නැහැ. හැබැයි දේශපාලනයේදී මීට වඩා ෆෝවඩ් වෙන්න ඕනේ කියලයි සමගියේම බොහෝදෙනා කියන්නේ. මොනවා වුණත් පහුගියදා අනුරත් එක්ක විවාදයට සජිත් එවන්න බැරි වුණ එකට වුණත් සමඟියේ ඇතුලේ වෙනම කතාවක් ගිහින් තියෙනවා. ඔවුන්ගේ උත්සාහය අනුව ආර්ථික කමිටු විවාදය කොහොම හරි තියාගන්න පුළුවන් වුණා නම් අනුරත් එක්ක විවාදයට සජිත්ව යවන්න තිබුණ කියලයි පක්ෂය ඇතුලේ කතාවෙලා තියෙන්නේ. ඒක දැන් කොහොමත් ඉවරයි. මොනවා කිව්වත් ආයේ මේ දෙගොල්ලෝ අතර විවාද පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා දැන් සජිත් පක්ෂයේ නායකයා විදිහට පක්ෂයේ දේශපාලන කටයුතුවලට වැඩි ඉඩක් දෙන්න ඕනේ කියලයි විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් කියල තියෙන්නේ.

මොකද සජිත් දැන් ෆුල්ටයිම් වගේ සක්වල කරේ තියාගෙන රට වටේ යනවා. ඒකෙන් පක්ෂෙය් බිම් මටමේ දේශපාලන කටයුතුවලට බලපෑමක් තියෙනවා කියලයි පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ජා වෙලා තියෙන්නේ. ඒ නිසා සක්වලට යොදවන කාලය අවමකරලා දැන් ජන්ද සටනට පක්ෂයත් ශක්තිමත් කරමින් සජිත් මතුවෙන්න ඕනේ කියල සජිත්ට උපදෙස් දීලත් තියෙනවා. හැබැයි ඉතින් තාම වැඩේ ගොඩ ගියේ නෑ කියලයි කියන්නේ. පාසල් ළමයි ඉස්සාහ මහාප්‍රාණ කතා කිව්වට වාදක නැහැ. ඒකත් දන සමාජය ඇතුලේ ගොන්පාට් එකක වෙලා. ඒ නිසා පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයා පවා හමුවෙලා අභ්‍යන්තර දේශපාලන කටයුතු උඩට උස්සන්න ඕනේ කිව්වට සජිත්ට වැඩේ තේරිලා නැද්ද මන්දා කියලත් දැන් ඔවුන්ගේම සමහරු කියනවා.මෙහෙම කොහොමද දේශපාලනය කරන්නේ දේශපාලනය කියන්නේ සක්වල වැඩසටහනම කරන එක නෙවෙයි කියල කිව්වට සජිත්ට වැඩේ හරියටම වැදිලා නැති පාටයි.

මේ තත්ත්වය රනිල්ට වාසිදායකයි කියලයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. පහුගිය කාලේ සමඟියෙන් රනිල් ගාවට කණ්ඩායමක් යනවා කිව්වට ඇත්තටම පේන්න කවුරුත් ගියේ නැහැ. හැබැයි මේ යන විදිහත් එක්ක මැතිවරණය ප්‍රකාශ කළාට පස්සේ රනිල්ට සහය දෙන්න සමඟියෙන් 20කට වැඩි පිරිසක් බලාගෙන ඉන්නවා කියලයි කියන්නේ. ඔවුන්ට කොහොමත් UNP එකට යන්න ඕනෙත් නැහැ. සාගලලා, රවීලා කියන විදිහට රනිල් එන්නේ නිර්පාක්ෂික ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට. පහුගියදා රවී කරුණානායක එජාපයේ හිටපු ඇමතිවරයා කිව්වේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ විශාලම සන්ධානය හදනවා කියල. මේ වෙලාවේ මහා ලොකු සන්ධාන හදන්නේ පොසොන් එකට හොල්මන් මන්දිර හදන්න නෙවෙයි තමන්ගේ නායකයා ජන්දෙට ගේන්න කියල ඕන කෙනෙක්ට තේරෙනවා. දැන් කොහොමත් එජාපය විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ගේනවා කියල තියෙන්නේ. මේ වෙද්දී පොහොට්ටුවේ ලොකු කණ්ඩායමකුත් රනිල් වික්‍රමසිංහගේ සහයට වැඩ. පොහොට්ටුවෙන් ජන්දේ ඉල්ලලා ආණ්ඩුවේ ඇමතිවරු විදිහට ඉන්න සාතිශය බහුතරය ඉන්නෙත් රනිල් එක්ක. ලන්සලා නව සන්ධානයත් හදල රනිල් වෙනුවෙන් කල් තියාම වැඩ පටන් ගත්තා. ඉතින් ග්‍රවුන්ඩ් එක රනිල්ට කැරකෙන්නේ නැති වෙයි කියල කියන්නත් බැහැ. සමඟිය මුල ඉඳලම දිනලා වගේ හිටියට එහෙම නෑ කියන්න ඔවුනුත් දන්නවා. බොහෝ අවස්ථාවල දිනන පැත්ත පේන්න තියෙනවා. හැබැයි මේ පාර දැන් තත්ත්වය එහෙට මෙට වෙමින් විවිධ වටපිටාවන් මතුකරමින් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරලා තියෙනවා. රනිල්ගේ කණ්ඩායම කියන්නේ මේ පාර රනිල් මැච් එක වින් කරනවා කියල. සමඟියත් ඒකම කියනවා. NPP එකත් එහම තමයි. හැබැයි තවම මැතිවරණය ප්‍රකාශයට පත් වුණෙත් නැහැ. කොහොම වුණත් සමඟිය නම් හෙල්ලෙමින් තිබෙන බව තමයි දේශපාලන ආරංචි මාර්ග පවසමින් ඉන්නේ. බලමු අදට වඩා කොහොමත් මේ දේශපාලනයේදී හෙට හොඳයි. මෙතන කතා නායකයා සජිත් නිසා සජිත් සක්වලෙන් ගොඩ යයිද නැත්නම් සක්වලටම යටවෙයිද කියලත් බලන් ඉමු.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan