IMF එක නැතිව වැඩ කරනවා කියන මෝඩ කතාවට රැවටෙන්න එපා – විපක්ෂනායක

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වත්මන් රජය එකඟ වී ඇති ගිවිසුම තමන්ගේ රජයක් යටතේ සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

“මේ දිනවල සමහර දේශපාලන පක්ෂ IMF එක නැතිව වැඩ කරනවා කියලා කියනවා. ඒ මෝඩ කතාවට රැවටෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.. ලෝක ආර්ථික රටාව හා වෙළෙඳ රටාව පදනම් වී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නිර්මාණය වූ ජාත්‍යන්තර මූල්‍ය නීති පද්ධතිය තුළයි.. IMF එක ලෝක බැංකුව, GAT එක WTO එක ආදිය හරහා ලෝක ආර්ථික රටාව නිර්මාණය වී තිබෙනවා.. IMF එක නැතිව මේ ගමන යන්න පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශයක් කරනවා නම් ඒක ලෝක විහිළුවක්.. ජනතාවගේ පැත්තෙන් වාසිදායක වන IMF එකඟතාවකට යොමුවෙන්න හැකියාවක් තිබිය යුතුයි.. අද එවැනි දෙයක් සිදුව නැහැ.. ජනතාවගේ දුක කඳුළ වේදනාවට මුල්තැන ලබාදී IMF ගිවිසුම් අත්සන් කර නැහැ.. මේ ගිවිසුම රජයත්, පාලකයෝත් අහසේ සිට කැටි වළාකුළුවල සිට මහපොළොවට පය නොගහ අත්සන් කරන ලද ජනතාවාදී නොවන ගිවිසුමක්.. එය අප රජයක් යටතේ සංශෝධනය කරනවා..”

පසුගියදා ගම්පහ දිවුලපිටිය හුණුමුල්ල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...