ගවනර්තුමනි, මේ සොෆ්ට් ක්‍රිබ් සහ හාර්ඩ් ක්‍රිබ් හැදීමට කාලයයි …

Date:

ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් පැහැර හැරියේ “සොෆ්ට් ඩිෆෝල්ට්” (Soft default) ක්‍රමයට බවටත් එයින් කිසිදු හානියක් නොවන බැවින් ඊට බිය වියයුතු නොමැති බවටත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබුණු ආකාරය අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

මේ ණය පැහැර හැරීමේ තීරණය ඇතුළුව ආණ්ඩුවත් මහබැංකුවත් ආර්ථිකය හසුරුවන ආකාරය නිසාම මේ දිනවල රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සිටින්නේ හොම්බෙන් යන මට්ටමක ය. ඔවුන්ට තම ණයවාරික හෝ ලීසිං වාරික ගෙවාගැනීමට දැන් කිසිදු හැකියාවක් නැත.

මෙසේ ණයවාරික සහ ලීසිං වාරික ගෙවීම පැහැර හැරිය විට අදාළ බැංකු සහ මූල්‍ය සමාගම් කරන්නේ එම පුද්ගලයින් පිළිබඳ තොරතුරු ණය තොරතුරු කාර්යාංශයට (Credit Information Bureau) හෙවත් ක්‍රිබ් එකට වාර්තා කිරීම ය. ක්‍රිබ් ලැයිස්තුවට නම ඇතුළත් වුණු පසුව කිසිවෙකුට නැවත ණයක් ලබාගැනීමට තබා වෙන කෙනෙකුගේ ණයක ඇපයකට අත්සන් කිරීමටවත් ඉඩක් නොලැබේ.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මේ වනවිට සිටින්නේ අන්ත අසරණ තත්වයකට පත්වෙමිනි. එහෙත් ඔවුන්ටත් නන්දලාල් වීරසිංහ මහතාගේ ක්‍රමයටම සහනයක් සලසා දිය හැකිය. ඒ, “සොෆ්ට් ක්‍රිබ්” සහ “හාර්ඩ් ක්‍රිබ්” යනුවෙන් ආයතන දෙකක් හැදීමෙනි.

එවිට තමන්ට මේ මාසයේ සිට ණය ගෙවීමේ හැකියාවක් නැති බව පෙරකී ව්‍යවසායකයින්ට තමන් ණයගත් ආයතන වෙත කලින්ම දැනුම් දීමට හැකි අතර එහිදී නන්දලාල් මහතා කී පරිදි ඔවුන් වැටෙන්නේ “සොෆ්ට් ක්‍රිබ්” ගණයට නිසා ඔවුන්ට කිසිවක් සිදුවන්නේ නොමැති බැවින් බිය වීමට ද හේතුවක් නොමැති වනු ඇත.

“අනේ කාලේ වනේ වාසේ” තමා ය …

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...