*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ඉන්ධන සලාක ක්‍රමය ක්‍රියාත්මක වෙන දිනය බලශක්ති ඇමති කියයි

අත්හදාබැලීමක් ලෙස ඉන්ධන සලාක ක්‍රමය ජුලි මාසයේ පළමු සතියේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“ඒ නිසා තමයි අපි යෝජනා කරන්නෙ ජූලි මාසයේ පළවෙනි සතියේ ඉඳලා අත්හදා බැලීමක් හැටියට යම් සලාක ක්‍රමයක් හදන්න. ඒකෙදි මම දැක්කා වැරදියට අර්ථකථනය කිරීමක් හැටියට එක ෂෙඩ් එකක් ලියාපදිංචි කළාම කොහොමද අපි වෙන පිට තැනකට ගියාම තෙල් ගහන්නෙ කොහොමද කියලා. එහෙම එකක් නෙවෙයි. තමන්ට තියෙන ළඟම ආසන්න පිරවුම්හල ලියාපදිංචි වෙනවා වගේම තමන්ට සතියක් තුළ ලබාදෙන ලීටර් ප්‍රමාණය – උදාහරණයක් හැටියට ලීටර් 100ක් දෙනවා නම්, ඒ ලීටර් 100න් ලීටර් 60ක්වත් අර තමන් ලියාපදිංචි වුණ පිරවුම්හලෙන් ගන්න පුළුවන් විදියට, ඉතුරු ලීටර් 40 රටේ තියෙන වෙන ඕනෙම පිරවුම්හලකින් ගන්න පුළුවන් වෙන විදියට. දැනටත් ඒ පිළිබඳ සාකච්ඡා යනවා, තවම ඒ ක්‍රමවේදය අපි හදලා නෑ. ඒ නිසා අපට සති දෙක තුනක් යයි මේක හදලා දෙන්න”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (16) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan