මාස දෙකෙන් යන්න වෙනවා කියල දන්නව නං තනතුර බාර ගන්නෙත් නෑ – මහබැංකු අධිපති

Date:

ජුනි මාසය අවසන් වනවිට තමාගේ ධුර කාලය අවසන් වුවද තවදුරටත් මහ බැංකු අධිපතිවරයා ලෙස රාජකාරි කිරීමට කැමැත්තෙන් පසුවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. බීබීසී මාධ්‍ය ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ මාස 02 ක් වැනි කෙටි කාලයක් පමණක් සේවය කිරීමට සිදුවන බව දන්නේ නම් මහ බැංකු අධිපති ධුරය බාර නොගැනීමටද ඉඩ තිබූ බවයි.

1948 වසරේදී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු බලපෑ දැවැන්තම ආර්ථික අර්බුදය වත්මන් අර්බුදය බවත්, වසරකට පෙරදී විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කළේ නම් අර්බුදය යම් ප්‍රමාණයකින් හෝ සමනය කර ගැනීමට ඉඩ තිබූ බවත් මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙනවා.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යන්නැයි පාර්ශ්ව ගණනාවක් දිගින් දිගටම ඉල්ලද්දී මුල්‍ය අරමුදල හමුවට නොයාමට තීරණය කිරීම අත්වැරදීමක් ලෙස හැඳින්විය හැකි බවද ඔහු පවසනවා. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තිබූ සාර්ථකම විසඳුම මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම බවද ඔහු පවසයි.

ප්‍රමාද වී හෝ මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මුල්‍ය අරමුදලේ ඉහළ නියෝජිතයන් පිරිසක් ලබන සඳුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...