*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

එංගලන්තයෙන් නෙදර්ලන්තයට අනුකම්පා විරහිත ප්‍රහාරයක් – 500 ට දෙකක් මෙපිටින් නවතී !

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී එක් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය. ඒ නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 498 ක් වාර්තා කරමිනි.

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට එක්දින තරගයකදී ලකුණු 500 ක් වාර්තා කිරීමේ අගනා අවස්ථාවක් එංගලන්තයට හිමිව තිබිණි. නමුත් ඉනිමේ 49 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ නෙදර්ලන්තයේ ලෝගන් වැන් බීක් සිය පන්දුවාරය ලකුණු 07 කට සීමා කිරීම හේතුවෙන් එම අගනා අවස්ථාව එංගලන්තයට අහිමි විය.

ඉනිමේ අවසන් පන්දුවාරයේදී එංගලන්ත පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 21 ක් පමණි. ඒ අනුව ලකුණු 498 දී සිය ඉනිම අවසන් කිරීමට ඔවුන්ට සිදු විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත නායක පීටර් සීලාර් පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 01 දී දැවී ගියේය. ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 222 ක සබඳතාවයක් පිහටුවීමට පිල් සෝල්ට් සහ ඩේවිඩ් මලන් සමත් විය.

30 වැනි පන්දුවාරයේදී පිල් සෝල්ට් ලකුණු 122 කට පිටියෙන් ඉවත්වීමෙන් පසුව මලන් හා එක් වූ ජොෂ් බට්ලර් තෙවැනි කඩුල්ලට ලකුණු 184 ක සබඳතාවයක් පිහිටවූ අතර ඒ සඳහා ඔවුන් දෙදෙනාට වැය වූයේ පන්දු 89 ක් පමණි.

ඩේවිඩ් මලන් ලකුණු 125 කට පිටියෙන් ඉවත්වීමෙන් පසු ඊලඟ පන්දුවේදී එංගලන්ත නායක ඔයින් මෝගන්ද දැවී ගියේය. ඉන්පසු පිටියේ එක් වූ බට්ලර් සහ ලියාම් ලිවින්ග්සටන් අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 32 කදී ලකුණු 91 ක් ලකුණු පුවරුවට එකතු කිරීමට සමත් විය.

පන්දු 70 කදී ජොෂ් බට්ලර් නොදැවී ලකුණු 162 ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රහාරක වේගය 231.42 කි. හතරේ පහර 7 ක් හා දැවැන්ත හයේ පහර 14 ක් එම ඉනිමට අන්තර්ග විය.

බට්ලර්ට නොදෙවෙනි ඉනිමක් දියත් කළ ලිවින්ග්ස්ටන් හතරේ පහර 06 ක් හා හයේ පහර 06 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැස් කළේය. ඒ සඳහා ඔහු මුහුණ දුන්නේ පන්දු 22 කට පමණි. ඔහු ලකුණු 50 සීමාව පසු කළේ මුහුණ දුන් 17 වැනි පන්දුවේදීය.

මෙම ඉනිමට ශතක 06 ක් අන්තර්ගත වූ අතර මීට පෙර එකම ඉනිමකදී ශතක 03 ක් වාර්තා කර තිබුණේ දකුණු අප්‍රිකාව පමණි. ඔවුන් 2015 වසරේදී අවස්ථා දෙකකදී එම දස්කම දක්වා තිබිණි.

මීට පෙර එක්දින ඉනිමකදී ලබාගෙන තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව 481 කි. එංගලන්තය විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව 2018 වසරේදී එම වාර්තාව පිහිටුවා තිබූ අතර නැවතත් ඔවුන් තමන්ගේම වාර්තා අලුත් කළේය. එක්දින තරගවලදී වාර්තා වූ ඉහළම ඉනිම් 03 ම ඔවුන් සතුවීමද විශේෂත්වයකි.

එංගලන්තයට පසු වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් 2006 වසරේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 443 ක් වාර්තා කරගෙන තිබිණි.

තරගයේ ලකුණු පුවරුව…..

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan