කොළඹ LNW:පාස්කු ප්රහාරයට යුක්තිය ඉටු කිරීමට බල කරමින් ඊයේ (16) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සාමාකාමී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
සමාජ සාධාරණ පක්ෂය විසින් එය සංවිධානය කර තිබුණු අතර පාස්කු ප්රහාරයට යුක්තිය ඉටුකරන අපක්ෂපාතී විමර්ශනයට පීඩාවට පත් මුස්ලිම් ප්රජාවේ පූර්ණ සහය හිමිවන බව එහිදී අවධාරණය කෙරුණි.
සමාජ සාධාරණ පක්ෂය සමඟ මෙම අවස්ථාවට තවත් සංවිධාන මෙන්ම සමාජ ක්රියාකාරිකයින්ද ද එක්ව සිටියහ.






