අදෝනා දෙන්න අවශ්‍ය නැහැ. නීතිය ඉදිරියට ගිහින් නිර්දෝෂීභාවය ඔප්පු කරන්න!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: හිටපු ජනාධිපතිවරයාද ඉන්න ජනාධිපතිවරයාද නොව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතු අතර ජනතාව අපේක්ෂා කරන්නේ සෑම කෙනෙකුටම සමානව නීතිය ක්‍රියාත්මක වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ පැවසීය.

එම නිසා වත්මන් ආණ්ඩුව එම කටයුත්තට මැදිහත්වන අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ යුත්තේද නීතිය ඉදිරියට ගොස් කරුණු කීම මිස අත්අඩංගුවට නොගන්නා ලෙස අදෝනා තැබීම නොවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ඊයේ දිනදී පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන මත තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කිරීම තුළ හොරාට කලින් කෙහෙල්කන වැට පැනීමක් වගේ පෙන්නුම් කරන බව මන්ත්‍රීවරයා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යුත්තේ එය නොව රටේ ජනතාව් හමුවේ සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීම බව හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වසර ගණනාවක් පුරා ධාවනය නතර වී තිබුණු 128/6 හෝමාගම – කුරුදුවත්ත ලංගම බස් රථය අද (17) සිට යළි ධාවනයට එක්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...