ආගමන විගමන නීති කඩන්නට සහය වූ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම,හිටපු ආගමන විගමන පාලකටම කියයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 18, කොළඹ (LNW):

ෆීජි ජාතික ඉමෝරි වකාවුලගි, ජෝසප් ඩන් සහ අපිසායි නකලීවා යන විදේශීය රග්බි ක්‍රීඩකයින් තිදෙනා වෙත විදේශ ගමන් බලපත්‍ර ලබා දෙන්නට මැදිහත් වී,ඔවුන් අනීතික ආකාරයෙන් ශ්‍රි ලංකාව නියෝජනය කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රගර් හී හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් විසින්,ක්‍රීඩා අමත්‍යංශයේ ඔම්බුඩ්ස්මන්වරයා වන චූලානන්ද පෙරේරාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් වන වැරද්දේ බරපතලකම ගැන අවබෝධයක් ඇති චූලානන්ද පෙරේරා හිටපු ආගමන විගමන පාලකවරයෙක් නිසා,එවැනි වරදකට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමටත්,ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද දැනුවත් කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


මෙම වරද සම්බන්ධයෙන් වගකිව යුතු බවට එවකට තිබුණු රගර් පරිපාලනයට,බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේ සම්බන්ධව සිටි ශ්‍රී ලංකා රග්බි සංගමයේ අසංග සෙනෙවිරත්න ( එවකට සභාපති), ලසිත ගුණරත්න (උප සභාපති), නලින් ද සිල්වා (ලේකම්) සහ රොහාන් ගුණරත්න (විධායක අධ්‍යක්ෂ) යන අයගේ නම් ද ඉල්යාස් සඳහන් කර ඇත.මේ සම්බන්ධයෙන් තවමත් රගර් කේෂ්ත්‍රයට සම්බන්ධ පාර්ශව මඟින් හෝ ක්‍රීඩා අමාත්‍යංශ මට්ටමෙන් කිසිඳු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නැත.
මෙම වරදකාරී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස ගමන් බලපත්‍ර සකස් කර පීජී ජාතිකයන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවීමේ වරදට ජාත්‍යන්තර රගර් සම්මේලනය විසින් පවුම් 50000 ක දඩයක් නියම කළ අතර එයට අභියාචනයක් හෝ ඉදිරිපත් නොකළ බව ඉල්ලියාස් සිය පැමිණිල්ලේ පෙන්වා දී ඇත.එසේම එම වරදකාරී තත්ත්වයට වගකිව යුතු නිලධාරීන් එම දඩය පියවීමට ද ක්‍රියා කර නැත.ඒ නිසා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට දඩ මුදල ගෙවීමට නොහැකි වූ බැවින් ලෝක රග්බි කණ්ඩායම වාර්ෂිකව ලබාදෙන ප්‍රදානවලින් හෝ දිවයිනේ සංවර්ධන කටයුතු සඳහා ගෙවන මුදලින් වසර ගණනාවක් පුරාවට සමානුපාතිකව දඩය කපාගත් බවත් එමඟින් රටේ ක්‍රීඩාවේ ප්‍රගතිය තවදුරටත් අඩාල වූ බවත් එම වරද නිසා ගෙවන්නට වූ දඩයෙන් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට එල්ල වූ බලපෑම ගැන සඳහන් කරමින් ඉල්ලියාස් පෙන්වා දෙයි.
එසේම අසංග දෙනවිරත්න සහ ලසිත ගුණරත්න සමයට අදාළව රගර් මත පැටවුණු ණය බර රුපියල් මිලියන 55 ක් බව පෙන්වා දෙන රිස්ලි ඉල්ලියාස් ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කරන චෝදනාවලින් ඉල්ලා සිටින්නේ එම කාලය වෝහාරික විගණනයකට යොමු කරන ලෙසය.
මේ චෝදනා ඉදිරිපත් කිරීමෙන් සාධාරණයක් වනු ඇතැයි අපේක්ෂා කරන රිස්ලි ඉල්ලියාස් පෙන්වා දෙන්නේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යාංශය භාරගැනීමෙන් පසු යහපත් ප්‍රගතියක් ලබා ඇති බවය.එහි ගුණාත්මක තත්ත්වයක් හැටියට ඔම්බුඩ්ස්මන්වරයා පත් කිරීම ද සළකන බව පෙන්වන රිස්ලි ඉල්ලියාස් එ් සම්බන්ධයෙන් වන විශ්වාසයෙන් ශ්‍රී ලංකා රගර් හී පැවත්මට සහ වර්ධණයට බල පෑ අක්‍රමවත් පරිපාලන තීන්දු සහ වැරදි මූල්‍ය පාලනය ගැන සාධාරණ තීන්දුවක් අපේක්ෂාවෙන් මෙසේ සිය චෝදනා ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වුව මේ චෝදනා පත්‍රයේ දක්වා ඇති ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමකට දායකවීමෙන් රට ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් කිරීමට කටයුතු කිරීමේ බරපතලකම මෙන්ම ඒ සඳහා ආගමන විගමන පාලනය නොමඟ යවමින් වැරදි ආකාරයට ක්‍රියා කර ඒ අපකීර්තියේ කොටසකට එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියද ඈදා ගැනීමේ බරපතල තත්ත්වය ඔම්බුඩ්ස්මන්වරයාට අමුතුවෙන් පැහැදිළි කළ යුතුව නැත.ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරයද අමුතුවෙන් පැහැදිළි කළ යුතුව නැත්තේ ඔම්බුඩ්ස්මන්වරයා ලෙස වලකීම දරන්නේ ආගමන විගමන පාලකවරයා ලෙස සිය වෘත්තීය ජීවිතයේ විශාල වෙනස්කම් ගණනාවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති කළ පාලකවරයෙක් නිසාය.
එහෙත් ලංකාවේ දේශපාලනය සහ ඉහළ සමාජය අතර තියෙන අනොන්‍ය සබඳතාවය නිසා බොහෝ නීතිමය කාරණා බලපාන මිනිසුන් සහ බල නොපාන මිනිසුන් ලෙස වර්ගීකරණයක් ද සමාජ පද්ධතිය තුළ තිබෙන බව තිත්ත ඇත්තකි.ඒ නිසාම ද මේ දක්වා රගර් හී ආගමන විගමන නීතිය උල්ලංඝඛව කළ අයට වරප්‍රසාද මිස දඬුවම් එල්ලවීමක් සිඳු වි නැති අතර මේ වන විටත් විසුරුවා තිබෙන රගර් පරිපාලනය යාථාවත් කිරීම සඳහා පහසුකම් සැපයීමට නම් කර තිබෙන්නේ ද එම චෝදනාවලින ඉලක්ක ගත නිලධාරියෙක්මය.එහෙත් මෑත කාලයේ මෙම නීතිය යටතේ ආණ්ඩුවට සහය දැක් වූ අමාත්‍යවරියකට ද සිය පාර්ලිමේන්තු නියෝජිතත්වය අහිමි වීමට තරම් අධිකරණ තීන්දු පැමිණෙන අයුරු අපි දුටුවෙමු.ඒ නිසා මේ මැදිහත්වීම සඳහා කරන ඉල්ලීම මෙහි තත්ත්වය හොඳින්ම දන්නා ආගමන විගමන පාලකවරයෙක් ලෙස කටයුතු කළ අයෙකුගේ උරමතම වගකීමක් ලෙස තැබෙන අවස්ථාව යම් බලාපොරොත්තුවක් ඇති කිරීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...