බදු ගැන ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තවද, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් නිෂ්කාශන වාර්තාවක් අවශ්‍යද? ශ්‍රී ලංකා පොලිසියෙන් නව WhatsApp සම්බන්ධතා අංකයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පොලිස් නිෂ්කාශන සහතික...

ප්‍රධාන යල කන්නයේ මෙහෙයුමක් යටතේ ශ්‍රී ලංකාව වී මෙට්‍රික් ටොන් 68,149ක් මිලදී ගනී..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : දිවයින පුරා සිටින...

මහ වැසි මැදම 22ට එරෙහි සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...