රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :
කොළඹ ගාලු මුවදොර පිටියේදී (Galle Face Green) 13 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ශ්රී ලංකා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සිදුවීම 2026 ජනවාරි 23 වන දින කොටුව පොලිස් කොට්ඨාස බල ප්රදේශය තුළ සිදුවී ඇති බව වාර්තා වේ. කොටුව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව, සැකකරු සොයාගෙන නීතිය හමුවට පැමිණවීම සඳහා පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
විමර්ශනයේ කොටසක් ලෙස පොලිසිය විසින් සැකකරුගේ රූපමය සටහනක් (composite sketch) නිකුත් කර ඇති අතර, එම පුද්ගලයා හඳුනා ගැනීමට හෝ සොයා ගැනීමට උපකාරී වන තොරතුරු වෙතොත් ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සැකකරු හෝ සිද්ධිය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකු පහත දුරකථන අංක ඔස්සේ වහාම පොලිසිය හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ:
ස්ථානාධිපති, කොටුව පොලිස් ස්ථානය: 071-8591560
කොටුව පොලිස් ස්ථානය: 011-2432635


