රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :
අනාගතයේදී ඇතිවිය හැකි නියඟ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා පවසයි.
මොන්ගෝලියාවේදී මෑතකදී පැවති නියඟය සහ කාන්තාරකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මේ පිළිබඳව සාකච්ඡා වූ බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, එම සංවිධානය විසින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත අරමුදලක් හරහා ශ්‍රී ලංකාව සහාය ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
අනාගත නියඟ තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සැපයීමට එම සහාය ඉවහල් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


