G7 ප්‍රකාශය පිළිබඳ චීනයේ දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:G7 ප්‍රකාශය මගින් යළිත් චීනය සම්බන්ධ ප්‍රශ්න හුවා දක්වමින් කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පදනමකින් තොරව චෝදනා එල්ල කිරීම හෙළා දකින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, හොංකොං, චීන ටිබේට‍ය, තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව G7 නායකයින් පදනම් විරහිත චෝදනා එහිදී ඉදිරිපත් කළ බවයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසන්නේ.

G7 යනු සමස්ත ලෝකය නියෝජනය කරන පිරිසක් නොවන අතර ඔවුන් නියෝජනය කරනුයේ ලෝක ජනගහනයෙන් සියයට 10 ක් පමණක් බවද ඔහු ‍ප්‍රකාශ කර ඇත.

වාර්ෂිකව ගෝලීය ආර්ථිකයේ G7 සාමාජිකයින්ගේ කොටස අඛණ්ඩව පහත වැටෙමින් පවතින අතර ඔවුන් සියල්ලම ගෝලීය ආර්ථික වර්ධනයට චීනයට වඩා අඩු දායකත්වයක් සපයන බව ද චීනය පවසයි.

G7 සාමාජිකයින්ගේ ආර්ථික සමස්තය දැනටමත් BRICS රටවල් විසින් අභිබවා ගොස් ඇති බවත් ඔවුන් ලෝකයේ සාම සංවර්ධන ප්‍රවණතාවට එරෙහිව ක්‍රියා කරන බවයි චීන විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...