ධම්මික පෙරේරාගෙන් හෙළිදරව් වූ ව්‍යවස්ථාවේ හිඩැස!

Date:

බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිස් වුණු එම ආසනය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා වීමත් සමඟ ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සුදුසකම් සපුරා ඇත්ද? යන ප්‍රශ්නය මතුකරන්නට විය.

එම පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් වූයේ එම සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙසය.

කෙසේවෙතත් මේ වන විට අනාවරණය වන කරුණු අනුව නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට ඇති නුසුදුසුකම් මොනවාද යන්න නිශ්චිතව වසර 44ක් පුරා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට නොමැත.

ඒ අනුව විවාදයට තුඩු දී තිබුණු ධම්මික පෙරේරා මහතාගේ පාර්ලිමේන්තු ආගමනය එළඹෙන 21 වැනිදා සිදුවීමට නියමිතව ඇත.

මෙම කාරණය සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91/1/ඉ වගන්තිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය දැරීමට නුසුදුසුකම් පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබිය යුතු වුවද මෙතෙක් එම වගන්ති පාර්ලිමේන්තුව මගින් සම්මත කොට නොමැති බවයි.

එම වගන්තියේ සඳහන් වන්නේ මෙසේය.

“(ඉ) රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යැයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේද, එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.”

එහෙත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ 2015 වසරේදීද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙවැනිම ආකාරයේ නඩුවක් ගොණු වූ නමුත් මෙම තර්කය යටතේම එම නඩුව ප්‍රතික්ෂේප වූ බවත්ය.

එවකදී වික්‍රමසිංහ මහතා සිය පවුලේ ආයතනයක් වන ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් (පී.එල්.සී.) සමාගමේ කොටස් හිමියකු වශයෙන් කටයුතු කළ අතර,රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කළ යුතු බවට එහිදී අධිකරණය හමුවේ නඩුවක් ගොණු විය.

නමුත් 91/1/ඉ වගන්තිය යටතේ ප්‍රතිපාදන මෙතෙක් ඉදිරිපත් කොට නොමැති නිසා එම නඩුව ප්‍රතික්ෂේප කිරීමට එවකදී අධිකරණය කටයුතු කළ බව නීති ප්‍රවීණයෝ පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...