NSBM හරිත සරසවියේ 2026 ජූනි කණ්ඩායමේ අධ්‍යයන කටයුතු නිල වශයෙන් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වන NSBM හරිත සරසවියේ උපාධි පාඨමාලාවන් සඳහා බඳවා ගත් නව අධ්‍යයන කණ්ඩායම පිළිගැනීමට සහ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සමාරම්භය නිල වශයෙන් සනිටුහන් කිරීමට සංවිධානය කරන ලද සමාරම්භක උත්සවය පසුගිය ජුනි 16 හෝමාගම පිටිපන NSBM හරිත සරසවියේ දී පැවැත්විණි.

මෙම නව කණ්ඩායමට NSBM හරිත සරසවියේ ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ විද්‍යා පීඨ මඟින් පිරිනමනු ලබන උපාධි සඳහා ලියාපදිංචි වූ සිසුන් දහසකට අධික පිරිසක් ඇතුළත් වෙති. NSBM හි සාර්ථකත්වයේ ගමන් මඟ තුළ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම නව අධ්‍යයන කණ්ඩායම, මෙම වර්ෂය සඳහා විශ්වවිද්‍යාලය විසින් බඳවා ගත් තුන්වන කණ්ඩායම වන අතර, මේ වසර සඳහා මේ වන විට පමණක් නව සිසුන් තුන්දහසකට ආසන්න සිසු පිරිසක් ඇතුළත් වී සිටිති

NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහතා ඇතුළු NSBM කාර්ය මණ්ඩලය, සම්භාවනීය අමුත්තන් මෙන්ම නවක සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ. සැසි තුනක් යටතේ දිගහැරුණු මෙම සමාරම්භක උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් ලෙස KPMG හි දේශීය කළමනාකරණ හවුල්කරු සුරේන් රාජකාරිය මහතා, විජය පුවත්පත් සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා සහ MillenniumIT ESP හි ප්‍රධාන විධායක නිලධාරී හරේන්ද්‍ර සමරසිංහ මහතා සහභාගී වූහ.

උත්සවයට සමගාමීව NSBM හරිත සරසවියේ උපාධි අපේක්ෂකයන් ලෙස නවක සිසුන්ට ඔවුන්ගේ අනාගත අධ්‍යයන ගමන්මඟ සහ එයට අදාළ අනෙකුත් වැදගත් කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ දේශන, සැසි සහ තවත් වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කර තිබිණි.

NSBM හරිත සරසවිය මෙම නව කණ්ඩායම සඳහා විවිධ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. ශ්‍රී ලංකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙස NSBM හරිත සරසවිය දශකයක සාර්ථක ගමනක් තුළින් උසස් අධ්‍යාපනය සඳහා කලාපයේ ඇති ප්‍රමුඛතම සහ වඩාත්ම ආකර්ෂණීය ආයතනයක් බවට පත්ව තිබේ. මේ වන විටත් සිසුන් 13,000කට වැඩි පිරිසක් මෙහි අධ්‍යාපනය ලබන අතර, උපාධිධාරීන් 23,000කට අධික පිරිසක් බිහි කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටත්වය තහවුරු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...