පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලා විතරක් නෙවෙයි. ගමේ පාක්ෂිකයින් ඉන්නේ රනිල් එක්කයි – ප්‍රසන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රාජපක්ෂවරුන් පමණක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“පක්ෂය එකක් රට තව එකක්. නමුත් පක්ෂයක් කියන්නේ රාජපක්ෂලා විතරක්ම නෙවෙයි. අනික රාජපක්ෂ විරෝධය තියෙන්නේ අලුත් පරපුර තුළ කියලා අපි පක්ෂයක් ලෙස හදුනා ගෙන තිබෙනවා.

පොහොට්ටුව හදන්න අපි සෑහෙන්න මහන්සි වුනා. එතන ගම්මට්ටමේ සාමාජිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් තීරණය කරල තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්න ගත්ත තීන්දුව හොඳ තීන්දුවක් කියලා. ඒක වසරක් ඇතුළත පෙන්වා තිබෙනවා.

ඉතිං පක්ෂයක් කියන්නේ පොදු තීන්දුවක් එක්ක යන ගමනක්. ඒ නිසා ජනාධිපතිවරයාට සහාය දෙන්න ඕන කියන තැනක තමයි ගමේ පාක්ෂිකයන් කටයුතු කරන්නේ”

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...