ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක් තිස්සේ වැඩ නැහැ

Date:

මසකට රුපියල් ලක්ෂ 300/- ක පමණ පරීක්ෂණ, පෞද්ගලික රසායනාගාර වෙත

පෞද්ගලික රසායනාගාර වලින් 20%ත් 30%ත් අතර කොමිස් ලැබෙනවාදැයි සැකයක්

දිනකට මූත්‍රා වැවීමේ පරීක්ෂණ (Urine Culture) පමණක් 200ක් පමණ පෞද්ගලික අංශයෙන් කර ගැනීමට රෝගීන්ට සිදුවෙලා. මූත්‍රා පරීක්ෂණ, සෙම පිළිබඳ ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතීජීවක ඖෂධ සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ, ප්‍රතිජීවක ප්‍රතිවීරෝධතා පරීක්ෂණ ඇතුළු මසකට පෞද්ගලික රසායනාගාර වලට හරවා යවන පරීක්ෂණ ප්‍රමාණය දස දහසක් පමණ වෙනවා.

ජාතික රෝහල අවට රසායනාගාරයකින් මෙම පරීක්ෂාවක් සිදු කර ගැනීමට අවම වශයෙන් රු 3000/- මුදලක් වැය කිරීමට සිදුවන අතර, බොහෝ රෝගීන් මුදල් නොමැතිකම හේතුවෙන් මෙම පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් රෝග තත්වයම් උත්සන්න වී රෝහල් ගත කිරීමට පවා සිදු වෙනවා. එහිදී ඇතිවන සංකූලතාවයන් පාළණය කිරීමට, මුඛයෙන් ලබා දිය හැකි ප්‍රති ජීවක (Oral Antibiotics) වෙනුවට, රුධිර නාල හරහා (Intra Venus) ප්‍රතිජීවක ලබා දීමට සිදු වීම හරහා අනවශ්‍ය ලෙස විශාල මුදලක් වැය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වේ.

තවද ප්‍රතිජීවක සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්, ඇතැම් වෛද්‍යවරුන් අනුමාන ප්‍රතිජීවක ලබා දීමට පෙළඹවීම හරහා රට තුල ප්‍රතිජීවක ප්‍රතිවිරෝධාවය පිළිබඳව විශාල අවධානමක්ද ඇතිවේ. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු හඟවා තිබෙන අතර, එම තත්වය වලක්වා ගැනීම සඳහා රජයේ වියදමින් පුහුණු වූ සහ එහි ආදිනව පිළිබඳව රටටම පාඩම් කියාදෙන ක්ෂුද්‍රජීවවේද විශේෂඥවරිය මෙම රසායනාගාරයෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියදී, මෙවන් තත්වයක් ඇති වී තිබීම වඩාත් කණගාටුදායකය.

සජීවී ක්ෂුද්‍රජීව පටල නිසි ජීවාණුහරිත තත්වයෙන් තොරව ඉවත දැමීම හේතුවෙන්, සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු ‘මිලියඩෝසිස්’ නම් අතිශය දුර්ලභ රෝගී තත්වයකට ගොදුරු වූයේද මෙම රසායනාගාරයේ සේවය කරමින් සිටියදී වන අතර, ඒ පිළිබඳවද සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කිසිදු විමර්ෂණයක් පවත්වා නැත.

එසේම වෛද්‍ය පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කිරීමේදී, පෞද්ගලික රසායනාගාර විසින් යොමුකරණු ලබන නිළධාරියාට 20%ත් 40%ත් අතර කොමිස් මුදලක් ලබා දෙන බව ප්‍රකට රහසක් වන අතර, මසකට රුපියල් ලක්ෂ තුන්සියයක පමණ පරීක්ෂණ මේ හරහා පෞද්ගලික රසායනාගාර වෙත යොමු කෙරෙන බැවින්, මෙම තත්වයන් නිවැරදි නොකර පවත්වා ගනිමින් තිබීමට එයද හේතුවක් විය හැකි බවට සැක මතුවේ.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...