ළමා මන්දපෝෂණයෙන් ලංකාව වේගයෙන් ඉදිරියට, ලෝකයේ 07 වෙනි තැන, කලාපයේ 02 වෙනි තැන !

Date:

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සෑම පවුල් 10 කින් 07 කටම දෛනිකව ලබා ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති බව යුනිසෙෆ් සංවිධානය සිදුකළ නිරීක්ෂණවලදී හෙලි වී තිබෙනවා. ඇතැම් පවුල් දිනකට ලබා ගන්නා ආහාර වේල් ප්‍රමාණය සීමා කර ඇති අතර එසේ නොමැති නම් ලබාගන්නා ආහාරවල පෝෂණය අවම කිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.

මෙම තත්වය මත මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙන බවයි යුනිසෙෆ් සංවිධානයේ මෙරට ප්‍රකාශකවරයා පවසනවා. මේ වනවිට ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාවට ලෝකයේම 07 වැනි ස්ථානයට දක්වා ඉහළට පැමිණ තිබෙනවා. කලාපයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව පමණි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය මත ළමා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බවද එම සංවිධානය සඳහන් කරයි.

මේ වනවිටත් ලෝක ආහාර වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ඔවුන් වෙනුවෙන් ආධාර වැඩසටහන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...