ළමා මන්දපෝෂණයෙන් ලංකාව වේගයෙන් ඉදිරියට, ලෝකයේ 07 වෙනි තැන, කලාපයේ 02 වෙනි තැන !

Date:

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සෑම පවුල් 10 කින් 07 කටම දෛනිකව ලබා ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති බව යුනිසෙෆ් සංවිධානය සිදුකළ නිරීක්ෂණවලදී හෙලි වී තිබෙනවා. ඇතැම් පවුල් දිනකට ලබා ගන්නා ආහාර වේල් ප්‍රමාණය සීමා කර ඇති අතර එසේ නොමැති නම් ලබාගන්නා ආහාරවල පෝෂණය අවම කිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.

මෙම තත්වය මත මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙන බවයි යුනිසෙෆ් සංවිධානයේ මෙරට ප්‍රකාශකවරයා පවසනවා. මේ වනවිට ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාවට ලෝකයේම 07 වැනි ස්ථානයට දක්වා ඉහළට පැමිණ තිබෙනවා. කලාපයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව පමණි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය මත ළමා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බවද එම සංවිධානය සඳහන් කරයි.

මේ වනවිටත් ලෝක ආහාර වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ඔවුන් වෙනුවෙන් ආධාර වැඩසටහන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...