Thursday, June 30, 2022
spot_img
spot_img

Latest Posts

මහබැංකු අධිපතිට දැන් ජනාධිපතියි වැරදි!

ලංකාව වසර 100 කට පසු දකුණු ආසියාවේ පළමු ණය පැහැර හැරීමට තුඩු දී තිබෙන මොහොතක ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ සාකච්ඡා තවමත් පවත්වා නැත. පවතින ණය අර්බුදය තුළ එවන් සාකච්ඡාවක් සඳහා රටේ ප්‍රධාන ණය හිමියන් තවමත් එකතු වී නැති අතර, ඒ සියල්ල එසේ තිබියදී, මහබැංකු අධිපතිවරයා මාධ්‍ය සංදර්ශන තැබීම නම් පුරුද්දකට ගෙන ඇති සෙයකි.

ඔහු දැන් කියන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මුලදීම ලබා ගත්තේ නම් මෙතරම් අවුලක් ඇති නොවීමට ඉඩ තිබුණා කියා.

මෙය අලුත් පුවතක් නොවෙයි. විපක්ෂය අවස්ථා ගණනාවකදීම මෙය කියා සිටියා. මෙය රටේ නායකයාට එරෙහිව එල්ල කරන සෘජු ප්‍රහාරයකි. රට මෙතරම් අගාධයකට ඇද දැමීමට ජනාධිපතිවරයා සෘජුව වගකිව යුතු බවත්, මෙම අර්බුදය මූලාරම්භය ඔහු බවත් අප සියල්ලටම වැටහෙන කරුණක් වන අතරවාරයේ, ඔහුට වැරදි උපදෙස් ලබා දුන් පුද්ගලයන් පිළිබඳව ද අප සිහිපත් කළ යුතුයි. ඒ අනුව මෙවැනි ප්‍රකාශ සිදුකිරීම අවශ්‍ය නැත.

ඒ සියල්ල එසේ තිබියදී නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපතිවරයා මොනවද සිදුකළේ? දවල් හීන දැකීමද? තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන‍ෙ ජනතාව හෝ රජය උනන්දු කළ බවට සාක්ෂියක් සහිත ලියකියවිල්ලක් හෝ ඉදිරිපත් කිරීමට ඔහුට හැකිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් මහ බැංකුව ඉවත්වන්නේ 2020 දී. එවකට නන්දලාල් සිටියේ රු. 750,000 ක් වූ තම මාසික විශ්‍රාම වැටුප ලබා ගැනීමට හදිසි වෙමින්. රට ගැන කැක්කුමක් ඒ වන විට ඔහුට තිබුණු පාටක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම කෙසේවෙතත්, මේ අවුරුද්දේ ගෙවීමට තිබූ ඩොලර් මිලියන 78 ක ණයකට බයවෙලා ණය පැහැර හැරීමක් ප්‍රකාශ කරලා දකුණු ආසියාවේ හොඳම තේ නිශ්පාදකයා වූ ශ්‍රී ලංකාවට ප්‍රාග්ධන වෙළඳපොලේ දොරටු වසා දමන තත්ත්වයට නම් ඔහු රට පත්කළා.

ශ්‍රී ලංකාව දැන් ඩොලර් බිලියන 55 කට වැඩි විදේශ ණය (සිම්බාබ්වේත් ඇත්තේ ඩොලර් බිලියන 17ක ණයක් පමණි) සඳහා සහන සොයමින් තම ණය පාලනය කර ගැනීමේ සටනක සිටියි. චීන, ජපන් සහ ඉන්දියානු මූල්‍ය ආයතන, බටහිර බැංකු, ස්වෛරී ද්වීපාර්ශ්වික ණය ලබාදෙන්නන් සහ බහුපාර්ශ්වික ආයතන ඇතුළු ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සිය පළමු රැස්වීම පැවැත්වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඩොලර් බිලියන 5ක තුන් අවුරුදු දීර්ඝ ණය පහසුකමක් පිළිබඳ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින් එළඹිය යුතු අතර අරමුදල් සුරක්ෂිත කිරීම සඳහා ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් කළ යුතු ද වේ.

කෙසේවෙතත්, නන්දලාල් වීරසිංහ අධිපතිවරයා පොලී අනුපාතික ඉහළ දැමීම සහ ඔහු විසින්ම හඳුන්වා දුන් ‘මෘදු ණය පැහැර හැරීම’ හැර මහබැංකු අධිපතිවරයකුගෙන් බලාපොරොත්තු වන පරිදි එකඳු ඩොලරයක් වත් සොයා ගැනීමට කළ දෙයක් නැත. ඔහු ඒ වෙනුවට කළේ පෞද්ගලික අංශය සීමා කර ප්‍රකාශ නිකුත් කරමින් මහබැංකුව තවදුරටත් දේශපාලනීකරණය කිරීම පමණි. නන්දලාල් අර්බුද සඳහා සුදුසු පුද්ගලයකු නොවන බවත්, රට ස්ථාවර කාලවලදී ඔහු හොඳ විය හැකි බවත් විද්වතුන්ගේ මතයයි. නව්‍යකරණය වූ හා ජනතාවට සහ ව්‍යාපාරික හිතකාමී ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය මහබැංකු අධිපතිවරයකු රටට අවශ්‍යයි. රටට අවශ්‍ය රට තවදුරටත් අගාධයට ඇද දමන පුද්ගලයකු නොවේ.

අවසනාවකට, ජනාධිපතිවරයාට ද මෙය අවබෝධ නොවන අතර, කලක් රජයේ සෙවනැලි අතර සැඟවෙමින් සිට නැවත වරක් පිටතට පැමිණි ඔහුගේ ක්‍රියාවෙන් තවදුරටත් රටෙහි පවතින තත්ත්වය ව්‍යාකූල කරනු ඇත.

ඇඩොල්ෆ්

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.