අධිකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් කළ ප්‍රකාශයකට විපක්ෂ නායකවරයාගේ දැඩි විරෝධය (VIDEO)

Date:

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව ස්ථාපිත කිරීම ගැටලුවක් නොවූවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර සංවරණ සහ තුලන ක්‍රමවේදය විධායකය විසින් අභියෝගයට ලක් කර අධිකරණය ලබා දෙන තීන්දු තීරණ තේරීම් කාරක සභාවකට යොමු කිරීම භයානක දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව ප්‍රතිපාදනවලට සහයෝගය ලබා දුන්නත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිගමනය අභියෝගයට ලක් කළ නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ඇති කුළුණු 3ට ආවේණික බලතල සහ ඒ ඒ කුළුණු අනෙකුත් කුළුණු අතර සංවරණ හා තුලනවලට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සිදුවන බවත් එවැනි තත්ත්වයක් තුළ judicial cannibalism ලෙස ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය බරපතළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනතේ ප්‍රතිපාදන ගැන තමා කතා නොකරන බවත් අධිකරණමය ඝාතනමය ක්‍රියාදාමයක් (judicial cannibalism) ලෙස ජනාධිපතිවරයා මෙය හැඳින්වීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ ළැම වචනය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!

කොළඹ LNW:අද (21) නුගේගොඩ දී විපක්ෂයේ කණ්ඩායම කිහිපයක් විසින්...

ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්!

කොළඹ LNW:දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර...

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : පොලිස් මත්ද්‍රව්‍ය නාශක...

මැතිසබේට නෑගම් ආ නයා ….

පාරලිමේන්තුවේ කතානාදතුමාගේ කාර්යාලයට ගිය පාරලිමේන්තු සේවකයෙක් එකපාරටම ගල්ගැහුනේ ජනේලය...