‘රුසියාව සහ උතුරු කොරියාව ප්‍රහාරයකට ලක්වුවහොත් අපි එකිනෙකාට උදව් කරගන්නවා’ – ව්ලැඩිමීර් පුටින්

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 20,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : වසර 24කට පසුව උතුරු කොරියාවේ මිත්‍ර සංචාරයෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාව සහ උතුරු කොරියාව ප්‍රහාරයකට ලක්වුවහොත් අපි එකිනෙකාට උදව් කරගන්නා බවට ප්‍රතිඥා දී ඇති බව සඳහන් කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා ඉතාම හරසරින් රතු පලස් එලමින් උතුරු කොරියානු අගනුවර මධ්‍යයේ පිහිටි කිම් ඉල් සුං චතුරශ්‍රයේ දී උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් විසින් පිළිගෙන තිබු අතර රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS පවසන පරිදි 1961, 2000 සහ 2001 දී අත්සන් කරන ලද පෙර ගනුදෙනු ප්‍රතිස්ථාපනය කිරීම හා දේශපාලන, වෙළඳ, ආයෝජන, සංස්කෘතික ක්ෂේත්‍ර සහ ආරක්ෂක ක්ෂේත්‍ර මෙම යුවළ නව උපායමාර්ගික හවුල්කාරිත්වයට අත්සන් තබා තිබේ.

රුසියානු රාජ්‍ය මාධ්‍යවලට අනුව නායකයින් දෙදෙනා තෑගි හුවමාරු කර ගත් විට රුසියානු ජනාධිපතිවරයා මෙවර කිම්ට ඕරස් මෝටර් රථයක් ලබා දී තිබේ. පුටින් ඔහුගේ මිත්‍ර මෝටර් රථ ලෝලියෙකු වන උතුරු කොරියානු ජනාධිපතිවරයාට මෝටර් රථයක් ලබා දුන් දෙවන අවස්ථාව මෙයයි.

මෙහිදී රුසියානු ජනාධිපතිවරයා තවදුරටත් පවසා තිබුණේ, මීළඟ රැස්වීම සඳහා කිම් මොස්කව් වෙත පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

කෙසේ නමුත් මෙම සංචාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය, දකුනු කොරියාව සහ ජපානය අතිශය කනස්සල්ලට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...