අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

Date:

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර විහාරයන්හි අධිපති සල්පිටිකොරයේ ප්‍රධාන සංඝ නායක අතිජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමියෝ අපේ යුගයේ ථෙරවාදී භික්ෂු සම්ප්‍රදාය බෙහෙවින් අර්ථසම්පන්න කළ සුවිශේෂී ගතිලක්ෂණයන්ගෙන් පරිපුර්ණ සුපේෂල ශික්ෂාකාමී මහා යතීරයාණන් කෙනෙකි.

කොට්ටාවේ සුප්‍රකට බාලසුරිය නම් උභයකුල පාරිශුද්ධ සම්භාවනීය පරපුරක ජන්ම ලාභය ලද පේමරතන නාහිමියෝ, මොරකැටියේ පරම ධම්ම මහා විහාරයේ ආධිපත්‍ය හෙබවූ අතිපුජනිය පන්නිපිටියේ පියදස්සි මාහිමි අතිපුජ්‍ය ඇරව්වල සුමනතිස්ස මාහිමි හා අතිපුජ්‍ය අතුරුගිරියේ සද්ධාතිස්ස මාහිමිවරුන්ගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන් ලෙස මහණ උපසම්පදාව ලබා මාලිගාකන්දේ විද්ද්‍යෝදය මහපිරිවෙණින් හා එකල විද්ද්‍යෝදය සරසවියෙන් තම අනාගත මහඟු සේවාවකට අවශ්‍ය ධර්ශාස්ත්‍රීය කුශලතාවන් ඔපමට්ටම් කර ගත්හ.තම පැවිදි සහෝදර අතිපුජනිය දෙහිකුඹුරේ මංගල නාහිමියන් සමග තම මහනීය සේවාව තරුණ ආදර්ශ සම්පන්න භික්ෂුවරයෙකු ලෙස එතැන් පටන් ආරම්භ කළහ.

සදලාංකාවේ ශාස්ත්‍රෝදය මහපිරිවෙණ, බන්ඩාරවෙල,තලවතුගොඩ හා මහරගම රජයේ පාසල්වල කීර්තිමත් ගුරුවරයෙකු ලෙස සිය සේවාව මැනවින් සිදුකළ අතර තම ගුරුදේවයන් වහන්සේලා ආරම්භ කළ පරමධම්ම දහම් පාසල ප්‍රදේශයේ අතිශයින්ම සාර්ථක දහස් ගණනක සිසු දරුවන් සමාජයට බිහිකළ කීර්තිමත්ම දහම්පාසල බවට පත් කළහ.මහරගම සමථ මණ්ඩලය, පළාතේ ශාසනාරක්ෂක මණ්ඩලය වැනි රාජ්‍ය හා ශාසනික ආයතනවල ප්‍රධාන තනතුරු හොබවමින් කල සේවාව අතීශයින් ප්‍රශංනීයය. සියම් නිකායික කෝට්ටේ මහා සංඝ සභාවට අතිශයින් හිත පක්ෂපාතිවූ උන්වහන්සේ එහි උතුම් කාරක සභික පදවියක්‌ හා සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබමින් කළ සේවාව අතිපුජනිය මහානායක මාහිමිපාණන්වහන්සේලා ප්‍රධාන නිකායික සියලු මහා සංඝරත්නයේ අතිශය ගෞරවයට හා ප්‍රසාදයට ලක්විණ.

අතීශයින් ආනුභාව සම්පන්න බෝධිරාජයාණන් වහන්සේ වෙනුවෙන් බෝධි ප්‍රාකාරය, දේවාල හා අනෙකුත් විහාරාංග පැරණි සම්භාවනීයත්වය සුරකමින් නවීකරණය කළ අතර පළාතේ ඉහළම පහසුකම් සලසන දහම්පාසල් ගොඩනැගිලි නිර්මාණය කරමින් කල භෞතික සංවර්ධනය උන්වහන්සේගේ අතිශය නිර්මාණශීලි ක්‍රියාශීලිත්වය මැනවින් ප්‍රකට කළමහා විශ්වකර්ම වැඩපිළිවෙලකි. උන්වහන්සේ අතින් නිමකළ අවසාන විශිෂ්ඨනිර්මාණය වුයේ පංසල ඉදිරිපිට නිමාකළ දර්ශනීය බුදුපිළිම වහන්සේය.
උන්වහන්සේගේ ජීවිතයේ බෙහෙවින්ම ප්‍රකටවූ විශද ලක්ෂණය වුයේ තම ගුරුදේවයන් වහන්සේලාට දැක්වූ අපමණ ගුරුභක්තියයි.විහාර භුමියේ ඉදිකළ උන්හන්සේලාගේ දර්ශණිය ප්‍රතිමාවන් කෘතවේදීත්වය පිළිබඳව සමාජට දුන් පණිවුඩය සදා ජීවමානය.

අප ඇතුළු මහාචාර්ය මඩවල සීලවිමල මාහිමි, කහගොල්ලේ ධම්මික මාහිමි, දෙදියවල තිලකසිරි අනුනාහිමි වැනි ලෝකශාසනික සේවයේ නිරත මහා යතිවරයන් රාශියකට හා නන්දෙසින් උසස් අධ්‍යාපනය සඳහා කොළඹට වැඩම කළ තරුණ භික්ෂුන් වහන්සේලා සිය ගණනාවකට උන්වහන්සේගේ නිහතමානි කාරුණිකත්වය හා සංග්‍රහ ශිලිත්වය තුළ සෙවන ලබා දුන් ආකාරය බෙහෙවින්ම අගය කල යුතුය.සිය ප්‍රධාන ශිෂ්‍ය දෙහිකුඹුරේ බෝධිසිරි හිමියන්ට මෙන්ම අප බොහෝදෙනෙකුට ද උන්වහන්සේ කාරුණිකව මගපෙන්වූ ආදර්ශසම්පන්න ගුරුවරයෙකුම වුහ.

අපගේද ආරාධනයෙන් ස්විට්සර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය, ඔස්ට්‍රියාව හා ඉතාලිය වැනි රටවල විදේශ ධර්මදුත සේවාවකද උන්වහන්සේ නිරතවුහ.

මෙම ආගමික සමාජ සේවා හා අධ්‍යාපනික උතුම් සේවාවන් රාශියක් තම පළාතට සමාජයට හා රටට සිදුකරමින් වසර 84 කින් පසු තම ජීවන ගමන නිමාකළ අතිපුජනිය කොට්ටාවේ පෙමරතන නායක මාහිමපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

(ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මයාතයේ ප්‍රධාන, ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...