පා. මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වූයේ ඇයි?

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි , පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙම ඉල්ලා අස්වීම ජුනි 20 වැනිදා සිට ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර, ඒ මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයෙකි. මෙම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...