විදුලි බිල් වැඩිකිරීම අත්‍යාවශ්‍යයයි. තීරණය ඉදිරි දින දෙක තුන තුළ – මහජන උපයෝගීතා කොමිසම

Date:

විදුලි බිල් අනිවාර්යයෙන්ම වැඩි කළයුතුව පවතින බැවින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ඉදිරි දින දෙක තුන තුළ ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

“විදුලි බිල් සංශෝධනයක් 2014 ඉඳන් කෙරුණෙ නෑ, 2014ත් විදුලි බිල අඩුකෙරුණු එක තමයි කෙරුණේ. ඒ අනුව විදුලි බිල් සංශෝධනයක් අත්‍යාවශ්‍ය වෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා ගල් අඟුරු සහ ඉන්ධන මිල සීඝ්රයෙන් වැඩිවෙලා තියෙනවා ලෝක වෙළඳපොලේ. ඊට අමතරව අපට මෙතන රුපියල අවප්‍රමාණය කරලා ඩොලර් එක වැඩිවෙලා එතන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මේ අනුව විදුලිබල මණ්ඩලය විශාල පාඩුවක් ලබනවා. ඒ පාඩුව ඉදිරියට දරාගැනීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් නෑ. ඒ අනුව මීළඟ දවස් දෙක තුන ඇතුළතදී අපි තීරණයක් ගන්නවා කොහොමද විදුලි බිල වැඩිවිය යුත්තේ කියලා. බොහෝදුරට අපි දවස් දෙක තුනකින් මහජනතාවට දැනුම් දෙනවා විදුලි බිල වැඩිවෙන ක්‍රමවේදය. එහිදී අපි බලාපොරොත්තු වෙන්නෙ යුනිට් 30 – 60 අතර පරිභෝජනය කරන අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල බොහෝ වැඩි නොකර, ඒ සඳහා රජයෙන් සහනාධාරයක් ලබාගනිමින් අනිත් පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිකිරීමට”

ජනක රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...