මීටර් 400 සහය දිවීමේ සහයට ඉන්දියාවයි ජපානයයි ලංකාවට

Date:

ජූලි මස 28,29 සහ 30 යන තෙදින තුළ පැවත්වීමට නියමිත 101 වන ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 සහය දිවීමේ තරග සඳහා ඉන්දීය සහ ජපාන කාන්තා සහ පිරිමි කණ්ඩායම් කැදවීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත.මේ වන විටත ආසියානු තරගාවලිය සඳහා මීටර් 400 පිරිමි කණ්ඩායම ඇතුළත් කර තිබෙන අතර මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමකට ජයග්‍රාහී අවස්ථාවක් සඳහා ආසියානු තරගයේදී ඇති ඉඩ ද මෙහිදී සැළකිල්ලට ගන්නවා ඇත.


මේ තත්ත්වය වඩාත් පැහැදිළි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඉන්දියාව සහ ජපානය හමුවේ දක්වන දස්කම් ප්‍රධාන හේතුවක් වනු ඇතැයි සිතිය හැකිය.කාලයක් ආසියාවේ පිරිමි සහ කාන්තා මීටර් 400 ඉසව්වලදී ශ්‍රී ලංකාවට විශාල පිළිගැනීමක් තිබුණ අතර මේ වන විට යළිත් එම ඉසව් ද්විත්වය අභියෝගකාරී මට්ටමෙන් ශ්‍රී ලංකාව තුළ යම් ප්‍රගතියක් පෙන්වමින් සිටියි.එවැනි මොහොතක මේ ආකාරයට විදේශ කණ්ඩායම් සමඟ ඉහළ තරගකාරී මට්ටමකින් තරග වැදෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ලැබෙන අවස්ථාව වැදගත්ය.දැනටමත් ඉන්දියාව සිය කැමත්ත ප්‍රකාශ කර ඇති අතර ජපානය ද බොහෝ විට එකඟතාවය පළ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ආරාධිත මට්ටමෙන් මෙම සහය දීවීමේ ඉසව් පැවත්වෙන අතර එහිදී,ශ්‍රී ලංකාවෙන් ප්‍රධාන ජාතික කණ්ඩායම්වලට අමතරව තවත් කණ්ඩායම් මෙම ඉසව්වට ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කෙරේ.මේ අතර විශේෂයෙන් ප්‍රධාන පිරිමි කණ්ඩායම තේරීමේදී අරුණ දර්ශන සහ කාලිංග කුමාර සමඟ සහයට යොදා ගන්නා අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා තීරණය කිරීම වැදගත් වන අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ඒ සඳහා සමහර විට මෙම තරගාවලියට පෙර නැවත තේරීමක් කිරීමට ද සිදු විය හැකිය.එසේම වඩාත් බලාපොරොත්තු තැබිය හැකි මිශ්‍ර දීවීමේ මීටර් 400 සහය තරගයක්ද 101 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියට ඇතුළත් කරන්නට කටයුුතු කළහොත් ශ්‍රී ලංකා මිශ්‍ර දීවීමේ කණ්ඩායම ද ආසියාවේ කෙතරම් ශක්තිමත්ව සිටිනවා ද යන්න ප්‍රායෝගිකව දැක බලා ගන්නට අවස්ථාව එළැඹෙනු ඇත.
මේ තරග නැරඹීමට ජාතික තේරීම් කමිටුවට මෙන්ම ජාතික ක්‍රීඩා සභාවට ද ආරාධනා කළ හැකිනම් වැදගත් වනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...

අධිකරණයේ උසස්වීම්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහේස්ත්‍රාත්වරුන් 17 කට මහඅධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්වීම්...

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය...