ගාලු බැඩ්මින්ටන් සිරිය වෙනුවෙන් පිහාටු මල් කැකුළුවලට සුවඳ ගල්වයි

Date:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන කණිෂ්ඨ බැඩිමින්ටන් සංචිත ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙල යටතේ ගාල්ල උළුවිටකේ ප්‍රදේශයේ දී ගාලු දිස්ත්‍රික් අවුරුදු 13 න් පහළ කණිෂ්ඨ බැඩ්මින්ටන් සංචිතය ක්‍රියාවට නැංවීම සිදු වුණා.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොෂාන් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ආරම්භක සැසියේදී කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන පාසල්වලට බැඩ්මින්ටන් ක්‍රීඩාවට අවශ්‍යය වන මූලික උපකරණ බෙදා දීමද සිදු වුණා.

එම අවස්ථාවට එක්ව සිටි ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්,ක්‍රීඩා ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් ද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයාට මෙන්ම එහි පැමිණි උප සභාපති රොෂාන් ගුණවර්ධනට ද ස්තූථිය ප්‍රකාශ කරමින් රටේ අනාගත බැඩිමින්ටන් ක්‍රීඩාව නැංවීම උදෙසා කරනු ලබන කණිෂ්ඨ කණ්ඩායම් දිස්ත්‍රික් මට්ටමෙන් සංචිත ගත කර පුහුණුව ලබා දීමේ වැඩ සටහන බෙහෙවින් අගය කළා.

මෙම සංචිත සඳහා උපකරණ ලබා දෙමින්,පුහුණු උපදෙස් ලබා දෙමින් බැඩිමින්ටන් සංගමය අනුග්‍රහාකත්ව ආදරය ලබා දෙන අතර දිස්ත්‍රික් සියල්ලම ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම තම සංගමයේ අදහස බව සභාපති රොහාන් ද සිල්වා අප කළ විමසුමකදී පැවසීය.
අවුරුදු 13 න් පහළ ගාල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් කණිෂ්ඨ සංචිතය ආරම්භ කිරීමේ අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයක් මේ සමඟ දැක්වේ.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...