ලංකාව අසීරු අඩියක

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉණිම පන්දුවට පහර දෙන බංගලාදේශය සිව්වන දිනය නිමාවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටිනවා.එය අවසාන දිනයේ දී ගාලු තණතීරුවේ දඟකැවීමේ ස්වභාවය මත ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.ඒ අනුව ඔවුන් මේ වන විට ලකුණු 187 ක් ඉදරියෙන් සිටින අතර කඩුුලු 7 ක් අතැතිව සිටිනවා.මේ තත්ත්වය ලකුණු 350 ක ඉදිරියක් දක්වා රැඟෙන ගියහොත් එය ශ්‍රී ලංකාවට ගාලු පිටියේ සාමාන්‍ය තත්ත්වය අනුව අසීරු විය හැකියි.


විශෙෂයෙන්ම බංගලාදේශ දඟපන්දු යැවීම සුළුවෙන් ගන්නට බැහැ.දකුණතින් පිට දඟ පන්දු යවන නයීම් හසන් පළමු ඉණිමේම ශ්‍රී ලංකා කඩුලු 5 ක් ලකුණු 121 ට දවා ගන්නට සමත් වෙමින් මේ වන විටත් ඒ ගැන අනතුරු හැඟවීම කර තිබෙනවා.
ශ්‍රී ලංකාව පළමු ඉණිම සඳහා බංගලාදේශය ලබා ගත් ලකුණු 495 වෙනුවට ලකුණු 485 ට දැවී ගියා.එහිදි මැද පෙළ පිතිකරුවෙකු ලෙස කමිඳු මෙණ්ඩිස් ලකුණු 87 න් සිය දායකත්වය ලබා දුන්න ද,ධනංජය ද සිල්වා (19) සහ කුසල් මෙණ්ඩිස් (05) පිතිකරුවන් ලෙස අසාර්ථක වුණා.මේ දෙදෙනාම මේ වන විට ක්‍රිකට්ලෝලීන්ගේ විවේචනයට බඳුන්ව සිටින අතර ඊට ප්‍රධාන වශයෙන්ම බල පා තිබෙන්නේ ඔවුන්ට ස්වභාවයෙන්ම හුරු වූවා යැයි සිතිය හැකි සැහැල්ලු හැසිරීමයි.


විශේෂයෙන් රටට වටිනා ක්‍රීඩකයෙකු ලෙස කුසල් මෙණ්ඩිස් මේ වන විට කණ්ඩායමේ රැදී සිටීම සම්බන්ධයෙන් තේරිම් කමිටුවට,පුහුණුකරුට පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් හී සියලුම නිලධාරීන් ද විවේචනයට ලක්වෙමින් තිබෙන මොහොතක කුසල් තමන් වෙනුවෙන් නොවුණ ද,තමන් නිසා අපහසුවට පීඩනයට පත් වෙන සෙසු පිරිස වෙනුවෙන් හෝ කල්පනාකාරීව ඉණිමක් ගොඩ නැඟිය යුතුව තිබෙනවා.
ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට සමත් ක්‍රීඩකයෙකු වන මිලාන් රත්නායක පන්දුවෙන් දස්කම් දැක්වීමට අමතරව පිත්තෙන්ද ලකුණු 39 ක් ලබා දෙමින් කමිඳු මෙණ්ඩිස් සමඟ හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සබඳතාවයක් පවත්වන්නට ද කටයුතු කළා.


පංගලාදේශ දෙවන ඉණිමේ දී ආරම්භක පිතිකරු සදාම් ඉස්ලාම් ලකුණු 76 න් දායක වූ අතර පළමු ඉණිමේදී ශතකයක් රැස් කළ නායන නජ්මුල් හොසෙයින් සන්ටෝ මේ වන විට යළිත් ක්‍රියාත්මක වෙමින් නොදැවී ලකුණු 56 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
එසේම අද උදෑසන මුල් කාර්තුව තුළම බංගලාදේශ ඉණිම නිමා කර ගත හැකි ආකාරයේ හොඳ පන්දු යැවීමක් සිඳු කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් එය ශ්‍රී ලංකාව පැත්තට තරගය නම්මා ගැනීමට තිබෙන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.එහෙත් එසේ පාලනය කිරීමට නොහැකිව බංගලාදේශය තමන්ට ඇති වේලා පන්දුවට පහරදී ඉණිම නැවත්වුවහොත් එය ශ්‍රී ලංකාවට අවාසිදායක විය හැකියි.
තරගයේ මේ දක්වා වන ලකුණු සටහනට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/4kOV3HD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...