නොසන්සුන්තාවයට අස්වැසිල්ලක්: ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ වෙයි !

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW :

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙන බව , නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ මෙම වසරේ ජූනි මස 12 වන දිනට පසු අවසන් වන ඊරැ1 වීසා කාණ්ඩයට අයත් සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් මෙම වසරේ නොවැම්බර් මස 30 වන දින දක්වා දීර්ඝ කර තිබෙන බව පැවසේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, මේ වන විට 20,000ක පමණ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ඊශ්‍රායල් රාජ්‍යයේ සේවයේ නිරතව සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි.

ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ද රජය සූදානමින් සිටී.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, දැනටමත් ශ්‍රි ලංකාවට යාමට ඉල්ලුම් කර ඇති ශ්‍රමිකයින් වෙනත් රාජ්‍යයන් හරහා හෝ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

තවද, තත්ත්වය සමනය වන තෙක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ඊශ්‍රායල් වෙත යැවීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙන බවද දැනුම්දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...