ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW :

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

ඒ , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න විසින් EVD  සහ VP shunt උපකරණ තමන් සම්බන්ධ ආයතනයකින් අතිවිශාල මුදලකට රෝගීන්ට අලෙවි කර රුපියල් කෝටි ගණනක අලාභ සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට පවත්වමින් සිටින විමර්ශනයකට අනුවය.

එලෙස ඇය විසින් ශල්‍යකර්ම සිදු කළ 300ක පමණ පිරිසක් සිටින බැව් කියැවෙන අතර ඉන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ 77 දෙනෙකුගෙන් පමණක් බව වාර්තා වේ.

ඒ අනුව, විශේෂඥ වෛද්‍ය මහේෂී එස්. විජේරත්නගෙන් ශල්‍යකර්මවලදී එලෙස අගතියට පත් තවත් රෝගීන් වෙත් නම් අදාළ තොරතුරු ලබා දෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ක්ෂණික ඇමතුම් – 1954
විද්‍යුත් ලිපිනය – [email protected]

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...