ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු පොලිස් දැලේ!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW :

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෝදර, ලෙල්ලම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී, විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වන බ්ලූමැන්ඩල් රවී නමැත්තාගේ සමීපතමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ඈශ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර, ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් ඈශ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 09ක් සොයාගත් බවයි.

බස්නාහිර පළාතේ පාසල් සිසුන්ට අලෙවි කිරීම සදහා සූදානම් කර තිබූ මත්පෙති තොගයක් සහ කේරළ ගංජා තොගයක් ද පොලිසිය එහිදී සොයාගෙන තිබෙන අතර,එම මත්පෙති සහ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑ පන්ලක්ෂයක් වන බවද පොලීසිය පැවසුවේය.

සැකකරු පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, එම මත්ද්‍රව්‍ය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බෙදාහැරීමට බ්ලූමැන්ඩල් රවී නමැත්තා විසින් උපදෙස් ලබාදුන් බවයි.

මේ අතර මුල්ලේරියාව, උතුර අංගොඩ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය සහ මුදල් සන්තකව සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, එම බලකාය විශේෂ මෙහෙයුම් අංශ එකෙහි නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 63ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ අටක මුදලක් ද සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඔහු ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් ලසන්ත නොහොත් ‘බෝලේ’ සහ පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් ධනුෂ්ක බුද්ධික නොහොත් ‘ජිලේ’ යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සමීපතමයෙකු බවයි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...