කෝප් එකට එන නිළධාරීන්ගෙන් දිවුරුමක් ගන්න යයි

Date:

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවන නිළධාරීන්ගෙන් දිවුරුමක් ලබා ගැනීමට එම කමිටුව තීරණය කර තිබෙනවා. අද පැවති කෝප් කමිටුවේ විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට කෝප් කමිටුව හමුවට කැඳවන නිළධාරීන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් දිවුරුමක් ලබා ගැනීමට නියමිතය.

පසුගිය 10 වැනිදා කෝප් කමිටුව හමුවට පැමිණි විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ඉන් පසුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළ අතර එම සිදුවීම අලලා ඇති වූ ආන්දෝලනාත්මක තත්වය සැළකිල්ලට ගෙන කෝප් කමිටුව මෙම තීරණයට එළඹ තිබේ.

විදුලිබල මණ්ඩල සභාපතිවරයා යළිත් 23 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවීමටද තීරණය කර තිබෙනවා. ජුනි 11 වැනිදා ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුව වෙත යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිත අතර ජනාධිපතිවරයා පිළිබඳව සිදුකළ ප්‍රකාශය කෝප් කමිටු වාර්තාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්පසු තීරණය කරන බවයි කෝප් සභාපති චරිත හේරත් මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...