සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 19වන සිකුරාදා ඇමරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර ඇති වූ සාම ගිවිසුවේ කරුණු වලට පටහැනිව ඊශ්රායලය නිරන්තරයෙන් ලෙබනනයට එල්ල කරන ප්රහාර හේතුවෙන් හෝමුස් සමුද්ර සන්ධිය නැවත වසා දමන බවට ඉරානය ප්රකාශ කර තිබේ.
ඊයේ(20)දිනයේ පමණක් දකුණු ලෙබනනයට එල්ල කළ ඊශ්රායල ප්රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගිය ගොස් ඇති අතර පසුගිය සිකුරාදා සිට එල්ල කරන ලද ප්රහාර හේතුවෙන් දකුණු ලෙබනනය සහ බෙකා නිම්නය පුරා පුද්ගලයින් 83 දෙනෙකු මියගොස් ඇත.
ඊශ්රායලය සටන් විරාමයකට එකඟ වුවහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව හිස්බුල්ලා සංවිධානය පවසා ඇති නමුත් සටන් විරාමයක් ඇත්ත වශයෙන්ම ක්රියාත්මක වන බව පවසා නැත. හිස්බුල්ලා සහ ඊශ්රායලය අතර මෑත කාලීන යුද්ධය පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්රායලය ඉරානයට ප්රහාර එල්ල කිරීමෙන් දින කිහිපයකට පසුව ආරම්භ වූ අතර හිස්බුල්ලා උතුරු ඊශ්රායලයේ සිවිල් ප්රජාවන්ට රොකට් සහ ඩ්රෝන ප්රහාර එල්ල කළ අතර, ඊශ්රායලය දකුණු ලෙබනනයේ විශාල ප්රදේශ අල්ලාගෙන “බෆර් කලාපයක්” ස්ථාපිත කිරීම සඳහා අත්පත් කර ගත්තේය.
ඉරානය සමඟ ඉදිරි සාකච්ජා සඳහා අද(21) ස්විස්ටර්ලන්තය බලා පිටත්වූ එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සඳහන් කර තිබුණේ, සාකච්ජා හරහා න්යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් අපි ප්රගතියක් ලබා ගැනීමටත්, ලෙබනන් සටන් විරාම ගැටලුව සම්බන්ධයෙන් ප්රගතියක් ලබා ගැනීමටත් බලාපොරොත්තුවන බවයි.

