2026 අ. පො. ස. උසස් පෙළ විභාගය කල් නොදැමීමට මෙන්න හේතුව…

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW :

2026 අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශව මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව පහත දැක්වෙන කරුණු පැහැදිලි කිරීම සිදු කරනු ලැබේ.

  • ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව 300කි.
  • 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා, ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343කි.
  • 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා පරතරය මාස 4ක් සහ දින 10 කි.
  • ඒ අනුව 2026 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාල‍ය ලැබී ඇති බැවින්, අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟී.

ලේකම්,
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා
වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...