ලක්ෂ 70ක මුදල් වංචාවකට මහින්ද කහඳගම රිමාන්ඩ් !

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් කොළඹ නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙට්‍රෝ නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසමින් 2022 වසරේදී අවස්ථා දෙකකදී මෙසේ මුදල් සහ චෙක්පත් මගින් රුපියල් ලක්ෂ 70ක් පැමිණිලිකරුගෙන් මහින්ද කහඳගම ලබාගෙන ඇති බවයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ.

ඒ අනුව අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් ඔහුව ඊයේ (20) කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔහුව ජුනි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්