‘ලෙබනනය තවත් ගාසා තීරයක් වීම ලෝකයට දරාගත නොහැක’ – අන්තෝනියෝ ගුටරෙස්

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 22,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල හමුදාව සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතර උග්‍ර වන වාග් සංග්‍රාමය සහ මාරාන්තික දේශසීමා ගැටුම් පිළිබඳව සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කර තිබුණේ, ලෙබනනය තවත් ගාසා තීරයක් බවට පත් කිරීම ලෝකයට දරා ගැනීමට නොහැකි බවයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයට එරෙහිව යුද්ධය දියත් කළ දා සිට හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර පසුගියදා හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රධාන ප්‍රහාරයක් දියත් කළහොත් කිසිදු සීමාවක් සහ නීති රීති නොමැත යනුවෙනි.

කෙසේ නමුත්, හමාස්ගේ සන්නද්ධ අංශය වන කසාම් බළකායට හිස්බුල්ලා සංවිධානය පුහුණුව හා ආයුධ ලබා දීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ඇත්තේ බද්ධ වෛරයකි. ඊශ්‍රායලයට මැද පෙරදිග බලවත්ම හමුදාව සිටින අතර අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතියකින්ද ඔවුන් ආරක්ෂිතය. හිස්බුල්ලා සතුව සටන්කරුවන් දහස් ගණනක් ඇත.

කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් වන UNIFIL මෙන්ම UNTSO ලෙස හැඳින්වෙන නිරායුධ තාක්ෂණික නිරීක්ෂකයින් දිගු කලක් සිට ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ඇති නිල් රේඛාව ලෙස හඳුන්වනු ලබන සීමා මායිම් රේඛාව ඔස්සේ සතුරුකම් නිරීක්ෂණය කිරීම සිදු කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...