නීතිපතිට සේවා දිගුවක් දෙන්න ජනපති තවදුරටත් උත්සාහයේ ?

Date:

නීතිපති සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබුණු නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගිය 18 වනදා ප්‍රතික්ෂේප කර තිබුණා.

නමුත් ඒ නිර්දේශය නැවත වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවන්න ජනාධිපතිවරයා සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

ඒ අනුව සංජය රාජරත්නම් මහතාට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ නැවත වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවන්න නියමිතයි කියලායි ආරංචි.

ඒ වගේම පසුගිය වතාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් තුන්දෙනාම එක ලිපියකින් ජනාධිපතිවරයාගේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමේ නීතිමය තත්වය ගැන ගැටලුවකුත් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දැනුම් දෙන්න නියමිත බවකුත් ජනාධිපති කාර්යාලය පැත්තෙන් අහන්න ලැබෙනවා.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත නීතිපති සංජය රාජරත්නම් මහතා ජුනි 27 වෙනිදා සිට විශ්‍රාම යන්න නියමිතයි. මෙරට නීතිපතිවරයකුට සේවා දිගුවක් ලබාදීමක් මීට කලින් සිදුවෙලා නැති බවත් සඳහන්.

කොහොමවුණත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අතර ගැටුම එන්න එන්නම උත්සන්න වෙන බවක් තමයි පෙන්නුම් කෙරෙන්නේ …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...