පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අපේ සහය ජනපති රනිල්ට – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW):

2024 එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.

ටී එම් වී පී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු පාක්ෂිකයන් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා එහිදී කියා සිටියේ, එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබා දෙන බවයි.

නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම සාර්ථක කර ගැනීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අවස්ථාව හිමිවන බවද සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මෙහිදී පවසා ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීර සාර විසඳුමක් ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බවත් පැවසු ජනාධිතිවරයා, ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන ඒමේ අභියෝගය තමා භාරගන්නා බවද අවධාරණය කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?