ජොනී අද රිමාන්ඩ් ??

Date:

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව අද (22) පස්වරු 02.00 ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඒ මහතා ගොනුකර තිබුණු පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කර තිබිණි.

ඒ අනුව අද නඩු වාරයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසන්නේ.

මැයි 09 වෙනිදා සිදුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව 2800 දෙනෙකුට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබියදී දේශපාලන ප්‍රබලයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙතෙක් කටයුතු කළ ලිහිල් ආකාරය පිළිබඳව රටේ ජනතාව අතර දැඩි විරෝධයක් සහ මහජන අප්‍රසාදයක් ද පළවී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...