ජොනී අද රිමාන්ඩ් ??

Date:

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව අද (22) පස්වරු 02.00 ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඒ මහතා ගොනුකර තිබුණු පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කර තිබිණි.

ඒ අනුව අද නඩු වාරයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසන්නේ.

මැයි 09 වෙනිදා සිදුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව 2800 දෙනෙකුට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබියදී දේශපාලන ප්‍රබලයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙතෙක් කටයුතු කළ ලිහිල් ආකාරය පිළිබඳව රටේ ජනතාව අතර දැඩි විරෝධයක් සහ මහජන අප්‍රසාදයක් ද පළවී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...