Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

මහබැංකු අධිපතිවරයාගේ ප්‍රගති වාර්තාව: සේවා දිගුවට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක්!

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ට සේවා දිගුවක් ලබා දීම පිළිබඳ කතාබහ මේ දිනවල ඇතිවේ. ඔහුට සේවා දිගුවක් ලබා දීම කෙසේවෙතත්, ඊට පෙර ඔහුගේ ප්‍රගති වාර්තාව පිරික්සා බැලීම වැදගත් වේ.

2022 ජූනි 20 වන දින දක්වා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ප්‍රගති වාර්තාව:

  1. පොලී අනුපාත ඇදහිය නොහැකි ලෙස සියයට 07 කින් ඉහළ නංවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැත්තටම නැතිකර දැමීම. දැන් ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව 2022 දී ආර්ථිකය සියයට 08 කින් හැකිලීමට නියමිතයි.
  2. විදේශ විනිමය ණය පැහැර හැරීම මඟින් තවත් බරපතල ගැටළු ගණනාවකට මුල පිරීම:
    (අ) බැංකුවලට ණයවර ලිපි විවෘතකර ගැනීමට නොහැකි වීම
    (ආ) ශ්‍රේණිගත කිරීම “D” නම් කාණ්ඩයට පහත වැටීම
    (ඇ) කිසිඳු විදේශ මූල්‍ය ආයතනයකින් දැන් ශ්‍රී ලංකාවට එකඳු ණයක් හෝ ලබා නොදේ
    (ඈ) ණය සූදානම් කරගත නොහැකි බැවින්, ඉන්ධන, ගෑස්, ගල් අඟුරු, ඖෂධ, සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ආනයන සඳහා ඉදිරි කාලය තුළ ගෙවීම් සිදුකළ යුතුය – එහි ප්‍රතිඵලයක් ලෙස රටපුරාම මෙම ද්‍රව්‍යවල බරපතල හිඟයක් මතුව තිබේ
    (ඉ) විදේශ විනිමය අරමුදල් මත යැපෙන යටිතල පහසුකම් ව්‍යාපෘති සෑම එකක්ම පාහේ නතර වීම
    (ඊ) සියලු විදේශ සෘජු ආයෝජන ගලාඒම් නතර වීම
    (ඔ) ඩොලර් බිලියන 03 (රු. බිලියන 1,080) පමණ වූ තම සාමූහික ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වත්කම් බොල් ණය පියවීමට යෙදවිය යුතුව ඇති බැවින් සියලුම දේශීය බැංකු ඉතා අවදානමකට ලක්ව ඇත. එමඟින් විශාල පාඩු විඳදරා ගැනීමට බැංකුවලට සිදුවනු ඇත. මෙය බැංකු ශේෂ පත්‍රවල විද්‍යමාන වන විට, කොටස් වෙළඳපොළ ද සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇත.
  3. 2022 මැයි 12 වන දින සිට ඩොලරයට සාපේක්ෂව රුපියල 360 සීමාවට ස්ථාවර වීමට පෙරාතුවම එය රු. 299 සිට රු. 377 දක්වා පහත වැටීමට ඉඩ ලබා දීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වීමත් සමඟ රුපියල යළි ශක්තිමත් වන බව ප්‍රකාශ කළ ද සිදුවූයේ එහි ප්‍රතිවිරුද්ධයයි.
  4. “ගිණුමේ” විදේශ විනිමය ගෙවීම් නැවැත්වීම සහ එමඟින් සමස්ත ආහාර පාන, තොරතුරු තාක්ෂණ, සැපයුම් සහ ඉදිකිරීම් වෙළඳාම විනාශ කිරීම
  5. කිසිඳු විකල්ප ක්‍රියාමාර්ගයක් කෙරේ යොමු නොවී, වාර්තාගත අන්දමින් රු. බිලියන 316 ක භාණ්ඩාගාර බිල්පත් මුද්‍රණය කිරීම. මෙය ඔහුට පෙර මෙම ධුරය හෙබවූ දෙදෙනා මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකි.
  6. “බෝලය පාස් කිරීමේ” ක්‍රීඩාව ආරම්භ කිරීම. වර්තමාන තත්ත්වය ඇතිවීම අතීතයේ ගන්නා ලද තීන්දු තීරණවල ප්‍රතිඵලයක් බව කියමින් වගකීම පැහැර හැරියා විනා සංසක්ත සැලැස්මක් ඉදිරිපත් කිරීමට මහබැංකු අධිපතිවරයා කටයුතු කළේ නැත. සිදුවූයේ, ඔහු මේ වනතුරු ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග තුළින් විනාශකාරී ප්‍රතිඵල ලැබීම පමණි.
  7. මහ බැංකුවේ කාර්ය මණ්ඩලය, විශ්‍රාමිකයන් සහ ඇතැම් මාධ්‍යවේදීන් ලවා නිර්ලජ්ජිත ලෙස තමා පිළිබඳ නිර්දේශ ලිපි මාධ්‍ය වෙත මුදාහැර එම ධුරයේම නැවත පත්වීම ලබා ගැනීම සඳහා උනන්දුවෙන් කටයුතු කිරීම
  8. රටට කිසිඳු සෙතක් අත්නොවන අන්දමේ වොෂිංටන් සවාරියක් සඳහා බදුගෙවන්නන්ගේ රු. මිලියන 18 ක මුදලක් වැයකිරීම
  9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් යෝජනා කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විධිවිධානවලට චීනය එකඟ නොවන තරමට ම චීනය ශ්‍රී ලංකාව සමඟ විරසක කර ගැනීම
  10. අග්‍රාමාත්‍යවරයාත්, මුදල් අමාත්‍යවරයාත් පැත්තකට කර හෑල්ලු කර දමා, ජනාධිපතිවරයා ද රවටා ඔහුගේ සහාය ලබා ගැනීම
  11. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර සඳහා ලැබෙන “ණය සහනය” නවත්වා, එමඟින් මුළු රටේම මිලියන ගණනකගේ ජීවනෝපාය අවස්ථා අඩාල කිරීම
  12. කලින් සකසන ලද පහසුකම් පමණක් භාවිතා කිරීම හැර, කිසිඳු රටකින් හෝ ආයතනයකින් එකඳු ණය පහසුකමක් හෝ සේතු මූල්‍ය (bridge financing) පහසුකමක් ලබා ගැනීමට අසමත් වීම

ඉතින්… මහබැංකු අධිපතිවරයාගේ ප්‍රගති වාර්තාව අනුව, ඔහු සමත් ද? අසමත් ද?

තීරණය ඔබ සතුයි

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.