තිඹිරි ගෙදර නෑයෝ කොළඹ එනවා ඉරිදා

Date:

තිඹිරියාගම බණ්ඩාර ගමත් නගරයත් හොඳට කියවපු කෙනෙක්.ඒ නිසාම මේ වෙලාවෙ ගමට වඩා නගරය අසීරුවෙන් ජීවත්වෙනවා කියලා දන්නවා.කන්න බොන්න බැරි තරමට ආහාර මිල වැඩි කරලා ආණ්ඩුව කොන්ක්‍රීට් කාන්තාරෙක ඉන්න මිනිස්සුන්ට වවන්න කියන එක විහිළුවක්.මේ තත්ත්වය එක්ක නැති බැරි නගරෙ මිනිස්සුන්ට ගමෙන් ආහාර මල්ලක් දෙන්න කල්පනා කරන තිඹිරි ඒක සහෘදයන් අතරෙ බෙදා හරිනවා.ඒ වගේම LNW හී පළ කරපු ලිපිය දකින බොහෝ දෙනෙකුත් තිඹිරිගෙ ආදරයට ඒ අයගෙ ආදරය එකතු කරන්න පොරොන්දු වෙලා තියෙනවා.

තිඹිරි පළමු ආදර නෑ ගමණට තෝරාගෙන තියෙන්නෙ කොළොන්නාව මැතිවරණ කොට්ඨාශය.ඒ අනුව ජූනි 26 වන දින පෙරවරුවෙ අංගොඩ දෙල්ගහවත්ත පාරේ තියෙන ජිනවංශාරාමය විහාරස්ථානයට තිඹිරි ඇතුළු ගමේ නෑ පිරිවර ආදරය අරගෙන එනවා.ඔවුන් එක්ක පූජ්‍ය තිස්සව සුමනානන්ද හාමුදුරුවොත් වැඩම කරන්න නියමිතයි.මේ සත්කාර්යයට ජිනවංශාරාම විහාරස්ථානයේ ඉඩ කඩ හදා දෙමින් කටයුතු කරන්නෙ විහාරාධිපති දුම්බරගම සුමනවංශ හාමුදුරුවො.

වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාව ඉන්න ආර්ථික දුෂ්කරතා ඇති පවුල් සහ ආර්ථික වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල් ද සැළකිල්ලට ගෙන පවුල් සියයක් මේ අවස්ථාවට සම්බන්ධ කරගන්න තිඹිරි ගෙදර පිරිසට හැකි වෙලා තියෙනවා.
හාල් පොල් ටිකනම් සූදානම් වෙමින් පවතිනවා. ආහාර පාර්සලයට තව ඉතිං මිරිස්,ලුණු,තුනපහ,පරිප්පු සහ කරවල හෝ හාල්මැස්සන් ලබාදෙන්න කට්ටිය ඉන්නවනම් හොඳයි.ඒ අයට 0717346850,0710386339 කියන දුරකථන අංක දෙකට කතා කරලා ඒ දේවල් ලබා දෙන්න පුළුවන්.

තිඹිරියාගම බණ්ඩාරකරන ඒ යෝජනාව වගේම පවුල් සියයකට හරියන්න ඔබට තව පුළුවන් දේවල් තනියෙන් හෝ පිරිසක් හැටියට ජිනවංශාරාම විහාරයට ගෙනත් දෙන්නත් පුළුවන්.එහෙම ගෙනත් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් නිශ්මං රණසිංහට 0773 815999 දුරකතන අංකයට කතා කරලා තොරතුරු දැන ගන්නත් පුළුවන්.මේ අවස්ථාවට කොළොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද අරුණකුමාර පරනමාන්න මහතාත් එකතු වෙන්න නියමිතයි.

LNW පළ කළ මුල් ලිපියට මෙතනින් පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...