ගෝල්ෆේස් එකේ දැන් ඉන්නෙ තක්කඩියො පිරිසක්, මොකටද තවත් බලාගෙන ඉන්නෙ ? – අරගලකරුවන් එළවන්නැයි විමල් නොකියා කියයි

Date:

ගෝල්ෆේස් අරගලය ආරම්භයේදී ඉතා සුන්දර, කාබනික ගොවිතැන වැනි යහපත් අරමුණින් ආරම්භ කළ වැඩපිළිවෙලක් වන නමුත් දැන් එය කුඩුකාරයන්ගේ තිප්පොලක්, තක්කඩියන්ගේ එකතුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කාබනික ගොවිතැන වැනි යහපත් අරමුණකින් ආරම්භ වූ ගෝල්ෆේස් අරගලයට අද වනවිට රසායනික ගොවිතනැට වූ සන්තෑසියම අත්ව ඇති බවද වීරවංශ මහතා ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ නිළධාරීන් පිරිසක් මෙරටට පැමිණ සිටියදී ඔවුන්ගේ කටයුතුවලටද බාධා සිදු කරමින් අරගලකරුවන් කටයුතු කළ බව පෙන්වා දෙන විමල් වීරවංශ මහතා පවසන්නේ රට අස්ථාවර බව තහවුරු කර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වැළැක්වීම අරගලකරුවන්ගේ අරමුණ බවයි.

අරගලකරුවන් රට අරාජික කිරීම සඳහා පිස්සු නටමින් සිටියදී තවත් ඉවසාගෙන බලා සිටින්නේ මන්දැයි ඔහු විමසා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...